සිලි සිලි බෑග්වලට එරෙහි යුද්ධය සිලි සිලි බෑග් යන හාස්‍ය ජනක නමින් හඳුන්වන පොලිතින් මලු එනමින් හඳුන්වනුයේ ඒවා භාවිත කරන විට මතුවන ඊටම ආවේනික ශබ්දය නිසාය. 1980 ගණන්වල මුල් කාලයේ පටන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පාරිභෝගික සංස්කෘතිය වෙත මේවා අති ප්‍රබල අයුරින් පිවිසියේය. 19 December 2025
සමාජ මාධ්‍ය හතුරෙක්ද? මිතුරෙක්ද? අන්තර්ජාලය පුද්ගලාන්තර සන්නිවේදනයේ ප්‍රතිඵලයක් බවට පත්ව ඇති යුගයකට අපි පිවිස සිටිමු.. එම සන්නිවේදන ක්‍රියාවලිය පුද්ගලයන් දෙදෙනකුගෙන් ඇරඹි, ප්‍රාදේශීය, ජාතික තලය අබිබවනය කරමින් ජාත්‍යන්තර තලයට පිවිසීම තුළ සමාජ ජාල නමින් හඳුන්වන සන්නිවේදන ජාලාව විවිධ මුහුණුවරින් හඳුනා ගත හැකිය. 19 December 2025
අලි - මිනිස් ගැටුමට විකල්පය කුමක්ද? ශ්‍රී ලංකාවේ, අලි - මිනිස් ගැටුම හේතුවෙන් 2024 දී පමණක් අලි ඇතුන් 386ක් සහ පුද්ගලයන් 154 දෙනකු මිය ගොස් ඇත. මෙය බරපතළ මෙන්ම දිගින් දිගටම වර්ධනය වන බව පෙනෙන අර්බුදයකි. 2019 සහ 2021 අතර අලි ප්‍රහාර වලින් මිනිස් මරණ සිදු වූ ස්ථාන පෙන්වන මෑතකාලීන සිතියම (රූපය 1) රටේ වියළි කලාපය පුරා පැතිරුණු මෙහි බලපෑම හෙළි කරයි. 18 December 2025
සුළි කුණාටුව - ආණ්ඩුව විපක්ෂය පසුගිය 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණයෙන් අනුර කුමාර ජනාධිපති ලෙස පත් කෙරුණේ සියයට 50 ට වැඩි බහුතරයක් නොමැති පළමුවැනි ජනාධිපති ලෙසය. 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවැති පළමු ජනාධිපතිවරණයේ සිට එතෙක් සෑම ජනාධිපතිවරයකුම පත් වූයේ සියයට 50 ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමෙනි. 18 December 2025
වක්‍ර බද්දේ නොපෙනෙන අර්බුදය වසරේ තුන්වැනි කාර්තුව අවසන් වනවිට බදු අය කිරීම සම්බන්ධයෙන් වාර්තාගත තත්වයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වාර්තාවලින් හෙළිවේ. 17 December 2025
දිට්වාගෙන් ගොඩඑන සැලසුම නොසිතූ මොහොතක රට ගිලගත් ජල කඳ පහව ගොස් ඇතත්, එහි කැළැල් තවමත් අපගේ මතකයේ සහ බිමේ සටහන්ව තිබේ. මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ විනාශකාරී ආපදා තත්වය, අපේ ජාතියේ අවදානම් සහගත බව, අපේ ජාතියේ ඔරොත්තු දීමේ හැකියාව සහ පුනරුත්ථාපන ශක්තිය යළිත් වරක් තහවුරු කළේය. 16 December 2025
ඓතිහාසික පුදබිමක් සොයාගත් කතාවක් ඓතිහාසික සෝමාවතී පුදබිම තිබූ ස්ථානය. සොයා ගන්නට පෙර ඉතිහාසයේ එම ස්ථානය කැලෑවට වල් වැදී තිබියදී මුලින්ම සොයා ගත්තා යැයි කියන වෙද මහත්තයෙක් ගැන අපිට පසුගිය දවසක අහන්න ලැබුණා. 15 December 2025
දිට්වා, ඇත්ත සහ නැත්ත ‘අනතුරු ඇඟවීම් තිබුණා. ආණ්ඩුව ඒවා ගණන් ගත්තේ නෑ. මේ විනාශය වළක්වා ගන්න තිබුණා.” 15 December 2025
සුළි කුණාටු පණිවිඩයේ නොදුටු පැත්ත ශ්‍රී ලංකාවට ඉකුත් නොවැම්බර් 27 වැනිදා ඇතුළු වූ ‘‘දිට්වා’’ යනුවෙන් නම් කරනු ලැබ ඇති සුළි කුණාටුවෙන් 639 දෙනකුට ජීවිත අහිමි වී තවත් 210 දෙනකු අතුරුදන් වී සිටින බව අවසානයට අප කියවන වාර්තාවල සඳහන් විය. සැබෑ සංඛ්‍යා ලේඛන සුළු වශයෙන් වෙනස් විය හැකිය. 13 December 2025
ලංකාව අවස්ථා අල්ලා ගැනීමට අසමත්ද? ගෙවී ගිය සිවු වසරක කාලයේ, භූ දේශපාලනික, ආර්ථික සහ තාක්ෂණික විපර්යාස පෙර දශක තුන තුළ නොවූ විරූ වේගයකින් ඉදිරියට ගොස් ඇත. අද අප මුහුණ දෙන ලෝකය, අප කලින් දැන සිටි ලෝකයට වඩා බෙහෙවින් වෙනස් වී තිබේ. 12 December 2025
දිට්වාගේ ආර්ථික සුනාමිය මෙවර කිවිදා දැක්ම ලියන්නට වී තිබෙන්නේ විශාල ස්වාභාවික විපතකින් පීඩාවට පත් රටක් පවතින මොහොතකය. නිවාස, ගොවිපොළ, පාසල්, වැසිකිළි, නිවාස, ජීවිත වැනි බොහෝ දේ එකම දින කීපයක දී විනාශ වී ගියේය. බිඳ වැටුණේය. 12 December 2025
‘දිට්වා‘ ගෙන් ළමයන් අනාථවීම සුළි කුණාටුව” විසින් මුදාහැරි ජල ගැලීම් හා නායයෑම් මගින් ළමයින් 275,000ක් අවතැන් කර ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනකු මවුපියන්ගෙන් වෙන් කර ඇතැයි, කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පසුගිය ඉරිදා (දෙසැම්බර් 7) ඉංග්‍රීසි පුවත්පතකට කියා තිබිණි. 12 December 2025
දිට්වාගෙන් මතුවන අර්බුද ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් රටට සිදුව ඇති හානිය පිළිබඳව තවමත් සම්පූර්ණ ඇස්තමේන්තුවක් සකස් කර නැති බව පෙනේ. මැති ඇමැතිවරුන් සහ විවිධ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කර ඇති නමුදු සම්පූර්ණ හානිය පිළිබඳව ඇස්තමේන්තු කරන ලද නිල දත්ත රජය විසින් මේ දක්වා ඉදිරිපත් කර නැත. 10 December 2025
කාලගුණය හැමදාමත් අභියෝගයක්ද? ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් ලෙස ස්වාභාවික ආපදාවලට ගොදුරුවීමේ අවදානම ඉහළ මට්ටමක පවතී. ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ මෙම තත්වය අභියෝගාත්මක ලෙස වර්ධනය වෙමින් පවතී. 09 December 2025
ආපදාවෙන් ගොඩඒමේ මෙහෙයුම ඓතිහාසික මූලික අයවැය අතිරික්තයක ශක්තියත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්වූ ජනාධිපතිවරයාගේ තීරණාත්මක මැදිහත්වීමත් සමග ශ්‍රී ලංකාව අද ඛේදවාචකයක් පරාජය කරමින් යළි නැගී සිටී. අසල්වැසි රටවල සිට ලොව දියුණු හා සංවර්ධනය වෙමින් පවතින රටවල් දක්වා සියලු දෙනාගෙන්ම ලැබෙන නොමඳ සහයෝගයත්, IMF ආයතනයේ අනුග්‍රහයත් ඊට යෝධ ශක්තියක් වී ඇත. 08 December 2025
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට රුපියල් මිලියන 135 ක අලාභයක් පේරාදණියේ පිහිටි රාජකීය උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවේ විශාලත උද්භිද උද්‍යානය වන අතර දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද ගත් උද්‍යානයේ තුන් පැත්තෙන් ගලා යන මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් විශාල හානියක් පේරාදෙණිය උද්භිද උද්‍යානයට ඇති විය. 08 December 2025
අතුරුදන් වූවන්ට මරණ සහතිකයක් ගන්නේ කොහොමද? සුළිකුණාටුවෙන් ආපදාවට ලක්වූවන් වෙනුවෙන් සුනාමි (විශේෂ විධිවිධාන) පනත වැනි පනතක අවශ්‍යතාවය අප පෙන්වා දෙන්නෙමු. 07 December 2025
සුළියට අහුවුණු විපක්ෂය නොවැම්බර් මස අවසාන සතියේ දී ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ආකාරයෙන් ඇති වූ මහා ගංවතුර හා නාය යාම් නිසා ඇති වූ විපත සම්බන්ධයෙන් ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජනබලවේගය ඇතුළු පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත සිටින විපක්ෂයේ නායකයන් ඉදිරිපත් කරන තර්ක වැඩි සංඛ්‍යාවක් ගැටලු සහගතය. 06 December 2025
අවසර දෙන තුරු කඳුකරයේ ඉදිකිරීම් බෑ කඳුකර ප්‍රදේශවල හෝ නාය යාමට ලක් වූ ප්‍රදේශවල ඔබ නැවත පදිංචියට යාමට හෝ ඉදිකිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා නම් මේ කාරණා ගැන සැලකිලිමත් වන්න. 05 December 2025
දිට්වාට ඉඩදී ආණ්ඩුව කර ඇරියාද? මේ ව්‍යසනය සපුරාම නිර්මාණය කළ එකක් මිස ස්වාභාවික එකක් නොවේ. අහිමි වූ ජීවිත සහ දේපළවල වගකීම අදාළ පුද්ගලයන් පෞද්ගලිකව දැරිය යුතු නොවේද? එසේ කියන්නේ හුදු දේශපාලන චෝදනාවක් ලෙස නොවේ. දිට්වා සුළි කුණාටුව එන බව නොවැම්බර් 12 වැනි දා සිට විවිධ ක්‍රම ඔස්සේ අනතුරු අඟවා තිබුණි. 05 December 2025
පව් රැස්කරන්නෝ දුක උරුමකර ගන්නෝය තථාගතයන් වහන්සේ තම ශ්‍රාවකයන් සඳහා දේශනා කරනු ලබනුයේ සියලු පව්වලින් වැළකිය යුතු බවය. බුදුවරයන් වහන්සේලා ලොව පහළ වනුයේ සත්වයන් දුකින් මුදවීම සඳහාය. එම අනුශාසනය සියලු බුදුවරයන් වහන්සේලාගේම අනුශාසනයකි. 04 December 2025
ආපදාවලට මුහුණදෙන්න අප සූදානම්ද? ලංකාව සමකයට ආසන්න රටකි. මේ කලාපයට අයත් දේශගුණය හැඳින්වෙන්නේ සමක දේශගුණය නමිනි. වැඩි උෂ්ණත්වය සහ අධික වර්ෂාපතනය සමක දේශගුණය තුළ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ දෙක වේ. 04 December 2025
කුණාටු ආපදාවේ අපවාද ‘දිට්වා’ සුළි කුණාටුව ශ්‍රී ලංකාවෙන් බැහැරට ගොස් ඉන්දියාවට ප්රවිශ්ට වී ඇති අතර, රටට බලපෑ මහා වර්ෂාව සහ අධික සුළං නැවතී තිබේ. එසේ වුව ද එම සුළි කුණාටුවේ බලපෑම තවමත් අවසන් වී නැති බව කැලණි ගඟ ආශ්‍රිතව පවතින මහා ගංවතුර, මාවිල්ආරු බැම්ම බිඳී යෑම සහ නායයෑම් තවමත් පැවැතීම වැනි සිදුවීම්වලින් පෙනී යයි. 03 December 2025
සිදු වූ ආපදා නිසා ඔබ පීඩාවෙන්ද? මේ ආපදා තත්ත්වය නිසා ඔබ දුකෙන්ද,ඔබේ පවුලේ අය ඔබේ ආදරණීයන් ඔබ තනිකර දමා ගොසින්ද..ජීවිත කාලය පුරාම එක් රැස් කරගත් ධනස්කන්ධ අහිමි වෙලාද..මේ අසීමාන්තික දුකෙන් මානසික පීඩාවෙන් මඳකට හෝ මිදෙන්න ඔබ මේ ලිපිය කියවන්න. 02 December 2025
අලවතුගොඩ නායයෑම ඇසින් දුටුවන් කියන කතා “රෑ දොළහ හමාරට විතර අපි නින්දේ ඉන්න කොට විශාල ශබ්ද තුනක් එක්ක පස් කන්ද කඩා ගෙන වැටුණා“ අලවතුගොඩ රඹුකේඇල මුදුනකඩේ ප්‍රදේශයේ සිදු වූ නාය යෑම සම්බන්ධයෙන් එය ඇසින් දුටුවකු වන ඩබ්ලිව්.එම්. නලීර් මහතා කීය. 02 December 2025
ගංවතුර ආපදා කාගේ වරදකින්ද? වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ප්‍රධාන වැව් 75 ක් තිබෙන අතර එයින් කිසිවක් අනතුරුදායක තත්වයක නොපවතින බව කිව යුතුය. අධික වර්ෂාපතනය හමුවේ ඒවායේ බැමි හෝ වාන් දොරටු හෝ විනාශ වූයේ නැත. 02 December 2025
දැන් රිවස්ටන් එන්න එපා ආවොත් දුක හිතෙයි රිවර්සටන් බොහෝ දෙනෙකුගේ සිත් ගත් සංචාරක ගමනාන්තයක්. එහෙත් අයහපත් කාළගුණය රිවස්ටන් හි සුන්දරත්වය විනාශ කර දැමුවේ සිතා ගැනීමටත් නොහැකි වේගයෙන්. 01 December 2025
දින තුනක් තිස්සේ පන්සලේ චෛත්‍ය උඩ සිට දිවි බේරාගත් හාමුදුරුවෝ උතුර උතුරු මැද දෙපලාතේ උපප්‍රධාන සංඝනායක රන්දොඹේ පියනන්ද හිමියෝ අද 30දින උදෑසන සිය අත්දැකීම මෙසේ විස්තර කළහ. 30 November 2025
රටම වැනසූ පනස්හතේ ගංවතුර ඒ එක්දාස් නවසිය පනස් හතේ දෙසැම්බර් මාසය යි. වැස්ස දෙසැම්බර් මුල පටන්ම තිබුණා. දෙසැම්බරයට කොහොමත් වහින නිසා කවුරුත් මුල දී ගණන් ගත්තේ නැහැ. මෙම කාලගුණ විපර්යාසයට හේතුව බෙංගාල බොක්කේ නිර්මාණය වුණු වාසුළියක් බව කියැවුණා 30 November 2025
අදුරේ අතගාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු එකකි. පාසල් විෂය මාලා යනු තවත් එකකි. අධ්‍යාපන ප්රතිසංස්කරණයක් කරන විට විෂය මාලා සංශෝධනයත් ඊට ඇතුළත් වේ. ඊට අමතරව එය පාසල් නවීකරණය කිරීම, අධ්‍යයන කාර්යමණ්ඩලය පිළිබඳ ගැටලු විසඳීම්, අනධ්‍යයන කාර්යමණ්ඩලය පිළිබඳ ගැටලු විසඳීම් ආදි සංකීර්ණ කාර්යයකි. 27 November 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026