එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 30.1ක ආදායමක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ථාවර ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් ව්‍යාපාරයක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම, 2022-2023 මූල්‍ය වර්ෂය අවසානයේදී රුපියල් බිලියන 30.1ක ආදායමක් සහිතව, සියයට 30.3ක වර්ධනයක් පෙන්වා තිබේ. එය (EBITDA) පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ කාලානුරූපීව සිදුවන වත්කම් අවප්‍රමාණ කිරීමට පෙර, කොටස් ගිණුම්ගත ආයෝජකයන් ඇතුළු ඉපැයීම් වෙතින් වාර්තා වූ, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සියලු අංශවල දායකත්වය ප්‍රදර්ශනය කරමින් පෙන්නුම් කරනු ලබන ආදායමකි.