IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මහජන බැංකුව සහ සර්වෝදය ෆියුෂන් එක්ව හෙට දින නවෝත්පාදකයන් සවිබල ගන්වයි

ශ්‍රී ලාංකීය ඩිජිටල් බැංකු කරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව”‍ සර්වෝදය ෆියුෂන් සමග එක්ව සංවිධානය කළ Empowering Tomorrow’s Innovators ‘හෙට දින නවෝත්පාදකයන් සවිබල ගැන්වීම (යොවුන් තාක්ෂණික නිපුණතා සංවර්ධන වැඩසටහනේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය කොළඹ 07”‍ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී සිසු සිසුවියන් 100 දෙනකුට පරිගණක විද්‍යා ඩිප්ලෝමාව (DICS ) පිරිනැමූ අතර ඒ අතරින් විශිෂ්ට කුසලතා පළකළ සිසු සිසුවියන් 10 දෙනකු අධ්‍යයන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන විශේෂ පදක්කම් හිමිකර ගන්නා ලදී.
මෙම ඩිප්ලෝමාව ජාතික වෘත්තීය සුදුසුකම් 4 ( NVQ level 04) ප්‍රමිතීන්ට අනුව සැකසුනු නව මාසික පාඨමාලාවක් වූ අතර” ඒ තුළින් Programming, Web Development, Networking, Graphics ආවරණය කෙරිණි.
මහජන බැංකුවේ ආයතනික සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස ‘හෙට දින නවෝත්පාදකයන් සවිබල ගැන්වීම වැඩසටහන 2024 දෙසැම්බර් මාසයේදී දියත් කරන ලද අතර ඒ තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වෙනුවෙන් මහජන බැංකුවේ අඛණ්ඩ කැපවීම පිළිඹිබු වෙයි. සර්වෝදය ව්‍යාපාරයේ ෆියුෂන් හා සන්නිවේදන රක්ෂණ අධ්‍යාපන අංශය වන ‘සර්වෝදය ෆියුෂන්’ සමඟ එක්ව ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන මගින් දිවයින පුරා වයස අවුරුදු 15-19 අතර සිසුන් 100 දෙනකුට පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කරන කෙරුණේ  ඩිජිටල් සාක්ෂරතාව ප්‍රවර්ධනය කරමින් තාක්ෂණ අංශයේ අනාගත වෘත්තීන් සඳහා නව මං විවර කරමිනි.
මේ සඳහා සුදුසුකම්ලාභින් තෝරාගැනීම උතුරු මැද වයඹ සහ බටහිර පළාත් ඇතුළු විවිධ කලාප නියෝජනය කරමින්”‍ පුළුල් ජාතික තේරීම් ක්‍රියාවලියක් හරහා සිදු කරන ලදී‘ පුළුල් පරාසයක පැතිරුණු සමාජ-ආර්ථික පසුබිම් වලට අයත් සිසුන් වෙනුවෙන් උසස් සේවයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කෙරිණි.
පරිගණක විද්‍යාව පිළිබඳ මූලික දැනුම ලබාදීමට අමතරව මෙම ඩිප්ලෝමාව ඔස්සේ සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා විවිධ අවස්ථාවන් නිර්මාණය වේ. එමෙන්ම ප්‍රායෝගික අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්”‍ මෙරට ශීඝ්‍රයෙන් සංවර්ධනය වන තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට සහ රැකියා අවස්ථාවලට සිසුන් සූදානම් කිරීම මෙමගින් සිදුකරයි.
මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු”‍ සර්වෝදය ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වින්යා ආරියරත්න”‍ සර්වෝදය ෆියුෂන් සභාපති මහාචාර්ය රොහාන් සමරජීව”‍ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා”‍ සර්වෝදය ෆියුෂන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය දිලීකා ඩයස් සහ සර්වෝදය ෆියුෂන්හි ප්‍රධාන විධායක නිලධාරී නිපුණිකා රුහුණගේ යන මහත්ම මහත්මීන්”‍ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය”‍ සිසු සිසුවියන් හා මවුපියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අධ්‍යාපනය”‍ නවෝත්පාදනය සහ ඩිජිටල්කරණ බලගැන්වීමෙන් ජාතික සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා මහජන බැංකුව සහ සර්වෝදය ෆියුෂන් දැක්වූ මෙම මුලපිරීමෙන් වඩාත් තහවුරු වෙයි. යොවුන් පරපුර වෙනුවෙන් ආයෝජනය කිරීම සහ රක්ෂණය මත පදනම් වූ අධ්‍යාපන ප්‍රවේශය පුළුල් කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් හැකියාවෙන් සවිබල ගැන්වුණු”‍ අනාගතයට සූදානම් ශ්‍රම බලකායක් ගොඩනැගීමට මෙම වැඩසටහන අර්ථාන්විත වේ.



අදහස් (0)

මහජන බැංකුව සහ සර්වෝදය ෆියුෂන් එක්ව හෙට දින නවෝත්පාදකයන් සවිබල ගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1984 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site