
මනීෂා වීරසිංහ
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ වසර දහයක කාලයක් පුරාවට කොලොන්නාවේ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි ආයතනයක්වන UNIQUE වෙළෙඳ ආයතනය වෙතටයි. එහිදී මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් එහි ව්‍යාපාරික මජිටි කාදිල් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
ගිය වසරට සාපේක්ෂව ගත්තාම මේ වසරේ බිස්නස් එකක් තියෙනවා. අවුරුදු සීසන් එකත් එකක් හොඳ බිස්නස් එකක් තිබුණා. ඊට පස්සේ ටික දවසක් බිස්නස් පහත වැටීමක් තිබුණා. නැවත හජ්ජි උත්සවයත් එක්ක බිස්නස් එකක් හැදිලා තියෙන්නේ.
Q: බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
රූපලාවණ්‍ය නිෂ්පාදන ඩුබායිවලින් තමයි ආනයනය කරන්නේ. ඊට අමතරව අපි දීර්ඝ කාලයක සිට රූපලාවණ්‍ය නිෂ්පාදන ගන්න පිරිසක් ඉන්නවා. ඒ අයගෙනුත් අරගෙන තමයි බිස්නස් කරගෙන යන්නේ.
රූපලාවණ්‍ය නිෂ්පාදනවල මිලේ ලොකු වෙනසක් නැහැ. එහෙත් බිස්නස් පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා අපි යම් සහන මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසලා දීලා තියෙනවා. දීර්ඝ කාලයක ඉදන් අපිව විශ්වාස කරලා අපෙන් භාණ්ඩ ගන්න එන පිරිසක් ඉන්නවා. ඒ පිරිස අතේ මුදල් තියෙන විදිහට ඇවිත් භාණ්ඩයක් මිලදී ගන්නවා. ඒ කියන්නේ කලින් පාරිභෝගිකයෙක් මිලිලීටර් 700ක ෂැම්පු බෝතලයක් මිලදී ගත්ත නම් අද වෙද්දී එහි මිල ගණන් වැඩියි කියලා ඒ නිෂ්පාදනය මඟහැරලා නැහැ. ඒ නිෂ්පාදනයේම අඩු ධාරිතාවක් යටතේ තියෙන නිෂ්පාදනයක් හරි මිලදී ගන්නවා. ඒ නිසා බිස්නස්වල කඩා වැටීමක් වෙලා නැහැ. ව්‍යාපාරිකයන්වන අපි පාරිභෝගිකයාගේ රුචිකත්වය සහ තෝරාගැනීම හඳුනාගෙන ඊට සරිලන පරිදි සැපයුම ලබා දීමට සෑම අවස්ථාවකදීම උත්සාහ කරනවා.
මැයි මාසේ වැස්සත් එක්ක භාණ්ඩ මිලදී ගන්න පැමිණෙන පාරිභෝගිකයන්ගේ යම් මට්ටමකට අඩුවක් තිබුණා. ඒත් එක්ක බිස්නස් අඩු වුණත් බිස්නස්වල කඩාවැටීමක් වෙලා නැහැ. ඉදිරියේ දී බිස්නස් හොඳ මට්ටමකට එයි කියලා හිතනවා.
ඡායාරූප : සුමුදු හේවාපතිරණ
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිස්නස් අඩුවුණත් කඩාවැටීමක් වෙලා නැහැ