IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනයට NDB බැංකුව Mastercard සමග එක්ව නවතම ඩෙබිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

ඩිජිටල් ගනුදෙනු වර්ධනය කිරීම සහ මූල්‍ය ගනුදෙනු සඳහා සැමටම ප්‍රවේශය ලබාදීම සඳහා බැංකුවේ ගමන් මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තම ගනුදෙනුකරුවන්ට විශාල වටිනාකමක් එකතු කරමින්, NDB බැංකුව NDB Mastercard ඩෙබිට් කාඩ්පත හඳුන්වා දුන්නේය. NDB බැංකු ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම අවස්ථාව, NDB බැංකුව සහ ගෝලීය ගෙවීම් තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Mastercard අතර දිගුකාලීන සහයෝගීතාවක ආරම්භය ද සනිටුහන් කරයි.
NDB බැංකුවේ විශ්වාසනීයභාවය සහ astercard හි නවෝත්පාදන සමගින් සම්බන්ධවන ගෝලීය ජාලය මගින් බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා බැංකුකරණ ගනුදෙනු තවත් වර්ධනය කිරීම සඳහා මෙම නවතම ඩෙබිට් කාඩ්පත් හඳුන්වා දී ඇත. වැඩිදියුණු කළ ගනුදෙනුවල ආරක්ෂාව සමගින්, කාඩ්පත් හිමියන්ට දැන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් පරාසයක සුවිශේෂී ප්‍රතිලාභ භුක්ති විඳීමේ හැකියාවද හිමිවේ.
නව ඩෙබිට් කාඩ්පතේ ප්‍රධාන විශේෂත්වය වන්නේ දෘෂ්‍යාබාධික පාරිභෝගිකයන් සඳහා පහසුවෙන් බැංකුකරණ ප්‍රවේශය කර ගැනීම සඳහා වන පරිදි නිර්මාණය කිරීමයි. 
මෙම සුවිශේෂී හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා මෙසේ පැවසීය, Mastercard සමග ගොඩනගාගත් මෙම උපායමාර්ගික සහයෝගීතාව අපගේ ගනුදෙනුකරුවන්ගේ බැංකු අත්දැකීම් තවත් වැඩිදියුණු කිරීම සඳහා තැබූ ඉතා වැදගත් පියවරකි. කාඩ්පත් නිකුත් කිරීම, ගෙවීම් පිළිගැනීම සහ පාරිභෝගිකයා කේන්ද්‍රී බැංකුකරණ විසඳුම් සංවර්ධනය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් ආරක්ෂිත, පහසු සහ නව්‍ය ගෙවීම් ක්‍රමවලින් ප්‍රතිලාභ ලබා දෙන බව සහතික කරමින්, ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ගෙවීම් තව තවත් දිරිමත් කිරීම අපගේ අරමුණයි.’’
මෙම අවස්ථාවට NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ කැලූම් එදිරිසිංහ, NDB බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී කේ.වී. විනෝජ්, NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා, භෘඊ බැංකුවේ උප සභාපති සියාන් හමීඩ් , NDB බැංකුවේ සහකාර උප සභාපති/කාඩ්පත් ප්‍රධානී අශාන් වික්‍රමනායක, Mastercard හි දකුණු ආසියාවේ අංශ සභාපති ගෞතම් අග්‍රවාල්, Mastercard හි දකුණු ආසියා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විකාස් වර්මා Mastercard හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කළමනාකරු සඳුන් හපුගොඩ යන මහත්වරු ඇතුළු ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නියෝජියෝ සහභාගී වූහ.

 



අදහස් (0)

ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනයට NDB බැංකුව Mastercard සමග එක්ව නවතම ඩෙබිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1984 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site