ජූනි මාසයේ මුල් දින 5දී මෙරටට විදෙස් සංචාරකයන් 21,293ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවල සටහන්ව තිබේ. ඒ අනුව වසරේ මේ දක්වා පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව මිලයන 1.05ක අගයක් ගෙන ඇතැයි එම දත්ත පවසයි.
මෙහිදී මුල් දින පහ තුළ වැඩිම සංචාරක පැමිණීම් සටහන්ව ඇත්තේ ඉන්දියාවෙනි. එය සංචාරකයන් 6014කි. එසේම එක්සත් රාජධානිය, චීනය, මාලදිවයින සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් වැඩිම සංචාරකයන් පැමිණීම් වාර්තා වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd