විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය කාලය තුළ අහිතකර බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ලබා දුන් සහන කාලයේදී සිය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා බැංකු පද්ධතිය වෙත පැමිණි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තවදුරටත් සහන ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත උපදෙස් ලබාදෙනු ලැබ ඇත.
ඒ අනුව බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන් හට පොලී සහන සහ ණය සහන ලබාදීම ඇතුළුව තවදුරටත් සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට මහ බැංකුව උපදෙස් ලබාදී තිබේ. එසේම බැංකු සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් එළැඹීමට ලබාදී තිබූ කාලය එළැඹෙන 15 වැනිදා සිට 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙන බව මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙත දැනුම්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය ප්‍රතිව්‍යුහගත කිරිම අවසන් කවදාද? සණස බැංකුවලත් පුලුවන්ද?