IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කන්ද උඩරටට ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පිරින ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය, පසුගියදා නිල වශයෙන් විවෘත කළේය. පුළුල් විෂය පථයකින් සමන්විත මෙම උපාධි අධ්‍යයන වැඩසටහන් මාලාව, ESOFT හි උපායමාර්ගික දැක්ම සනිටුහන් කරමින්, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව ක්‍රියාත්මක වේ. 
මේ අනුව මහනුවර අවට දූවා දරුවන්ට කොළඹට සංක්‍රමණය නොවී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව උදා වනු ඇත. ESU හා සම්බන්ධ වීමේ සැබෑ වටිනාකම වන්නේ සිසු දරුවන්ට සිය අධ්‍යාපනික මුල්‍ය වියදම් අවම කර ගනිමින් ජාත්‍යන්තර තලයේ ප්‍රමිතිගත අධ්‍යාපනයක් සහිත උපාධියක් හිමි කර ගැනීමට අවකාශය සැලසීමයි.
මහනුවර නගරයේ තිබෙන විශාලතම උසස් අධ්‍යාපන ආයතනය වන ESU හි කලාව හා නිර්මාණ, ජීවන විද්‍යාව, පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපාර අධ්‍යනය, නීතිය, භාෂා, අධ්‍යාපනය සහ සමාජ විද්‍යාව ඇතුළු පුළුල් පරාසයකින් සමන්විත අධ්‍යන පීඨයන් ඇතුළත් වේ. පුළුල් විෂයමාලාවක් පදනම් කරගත් මෙම උපාධි වැඩසටහනට මූලික උපාධියේ සිට පශ්චාත් උපාධි හා ආචාර්ය උපාධි වැඩසටහන් දක්වා සියලු‍ පාඨමාලා රැසක් ඇතුළත් වන අතර, එමගින් සිසු දරුවන්ට සිය අනාගත සිහින හා වෘත්තීය ඉලක්කයන් සපුරා ගැනීමට ESU උසස් අධ්‍යාපන ආයතනය මහඟු‍ තෝතැන්නක් ද වනු ඇත. 
එමෙන්ම ලන්ඩන්හි කිංග්ස්ටන් විශ්වවිද්‍යාලය සහ ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලය සමඟ පවතින හවුල්කාරීත්වය මත ESU මහනුවර සිසු දරුවන්ට ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම්, ඒකාබද්ධ පර්යේෂණ අවස්ථා සහ බහු අධ්‍යයන ප්‍රවේශයන්ට පහසුකම් සැලසෙනු ඇත. ඒ අනුව විදෙස්ගතව උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට උදාහරණයක් ලෙස, සිය උපාධියේ පළමු වසර දෙක  වෙතින් නිමා කොට අවසන් වසර බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සමග එක් වී සම්පූර්ණ කර ගැනීමටත්, තෙවැනි හා සිවුවැනි වසර ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සමග එක් වී සම්පූර්ණ කර ගැනීමටත් අවස්ථාව සැලසේ. 

 



අදහස් (0)

කන්ද උඩරටට ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site