IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ව්‍යාපෘති විශිෂ්ටතා සම්මාන උළෙල ඔක්තෝබර් 24 කොළඹදී

සුජිත් හේවාජුලිගේ සහ විමුක්ති එස් රුද්‍රිගු


ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් 8 වැනි වරටත් සංවිධාන කරනු ලබන ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල (2025) සහ ඊට සමගාමීව පැවැත්වෙන ව්‍යාපෘති කළමනාකරණ සමුළුව කොළඹ කිංග්ස්බරි හෝටලයේදී ඔක්තෝබර් මස   24 වැනිදා පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර ඇත.
ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී මෙම වසරේ අවසන්වූ සියලු‍ම ව්‍යපෘති ඇගයීමට ලක්කර ඒවායේ විශිෂ්ටයන්ට කාණ්ඩ 28 ක් යටතේ සම්මාන පුද කිරීමට නියමිතය.
ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම ආයතනයකි.
ජාතික සමුළුව ඔක්තෝබර් මස 24 වැනිදා උදේ 9.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන අතර විශිෂ්ටතා සම්මාන උළෙල එදින සවස 6.30ට ඇරඹේ.
සම්මාන උළෙලට දෙස් විදෙස් ව්‍යාපෘති කළමනාකරුවන් දහසක් පමණ සහභාගීවීමට නියමිතය. එසේම සමුළුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සහ වෘත්තීයවේදීන් 500 කට අධික පිරිසක්ද  සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ. මෙවර සමුළුවේ තේමාව ”‍ඩිජිටල් මානසිකත්වය, මානව නායකත්වය: කෘතීම බුද්ධිය ව්‍යාපෘති විශිෂ්ටත්වයට උත්ප්‍රේරකයක් ලෙස”‍ යන්නය.
මෙම වසරේ ව්‍යාපෘති අවසන් කළ පාර්ශ්වයන්ට [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් මෙම සම්මාන සඳහා අයැඳුම් කළ හැකිය.



අදහස් (0)

ව්‍යාපෘති විශිෂ්ටතා සම්මාන උළෙල ඔක්තෝබර් 24 කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site