Moon K Apparel පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විලාසිතා සහ ජීවන රටා සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. මෙරට ඇගැලුම් ක්ෂේත්‍රයේවිශ්වාසනීය නමක් දිනා ඇති එම ආයතනය හොරණ පිහිටා ඇත. Moon K Apparel කර්මාන්තශාලා මිලට උසස් තත්ත්වයේ ඇගැලුම් මිල දී ගන්නා තොග ගැනුම්කරුවන් අතර ජනප්‍රිය සන්නාමයකි. දිග කලිසම්, ටී ෂර්ට්, කමිස, ක්‍රීඩා ඇඳුම් වැනි කාන්තා සහ පිරිමි ඇගැලුම් එහි නිෂ්පාදන අතර වේ. උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් නවීන විලාසිතාවලට අනුව මසා නිම කළ ඇඟලුම් කල් පැවැත්මෙන් ඉහළ අතර සුව පහසුව සහතික කරයි.
විවිධ ප්‍රමාණ, මෝස්තර සහ වර්ණවලින් ඇගැලුම් මිල දී ගත හැකිය. ඉතා ඉක්මනින් සහ විශ්වාසනීය ලෙස නියමිත වේලාවට ඇණැවුම් භාර දෙයි. එය Moon K Apparel වෙතින් ඇගැලුම් මිල දී ගන්නා පාරිභෝගිකයන්ට විශාල පහසුවකි. ගුණාත්මකභාවය සහ සාධාරණ මිල එක් කරමින් ඇඟැලුම් නිපදවන එම ආයතනයේ කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන් සමඟ ඉතා සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සේවා සපයයි. Moon K Apparel දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා තිබේ. 2024දී පැවති People’s Pinnacle 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ඇගැලුම් සමාගමට හිමි සම්මානයත්, වනිතාභිමානී 2025 සම්මාන උළෙලේදී මෝස්‌තර නව්‍යකරණ විශිෂ්ටතා සම්මානයත් දිනා ගැනීමට ඔවුන්ට හැකි විය. පසුගියදා පැවති CEMS-Global USA’s Textile Series ශ්‍රී ලංකා අදියරට එම ආයතනය සහභාගී වූයේ ගෝලීය ඇගැලුම් ක්ෂේත්‍රයේ නවතම වෙනස්කම් පිළිබඳ අවබෝධයක් ලැබීම ඉතා වැදගත් බැවිනි. Textech, Colombo Yarn & Fabric Show, Dye+Chem Sri Lanka වැනි වැඩසටහන්වලදී නව අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, නිෂ්පාදන ක්‍රමවේද පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබීමට ඔවුන්ට හැකි විය.
2025 ඔක්තෝබර් මස 08
1984
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
Moon K Apparel තායිලන්තයේදී Iconic සම්මාන දිනයි