IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


LOLC සමූහයට රුපියල් බිලියන 41 ක ලාබයක්

  • මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි
  • පෙර වසරට සාපේක්ෂව සියයට 89ක කැපී පෙනෙන වර්ධනයක්

LOLC සමූහය 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 41 ක බදු ගෙවීමෙන් පසු ලාබයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 89ක කැපී පෙනෙන වර්ධනයකි. මූල්‍ය වර්ෂය තුළ ලද, රුපියල් බිලියන 48 ක මෙහෙයුම් ලාබය ඊට සහය වී ඇත. මූල්‍ය සේවා ස්ථාවර ලෙස ව්‍යාප්ත වීම, උපායමාර්ගිකව සිදුකළ ජාත්‍යන්තර අත්පත් කර ගැනීම් පෙළ මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය වැඩිදියුණු වීම LOLC සමූහයේ මෙම ශක්තිමත් ක්‍රියාකාරිත්වයට හේතුවී තිබේ. 
දැන් ලොව රටවල් 25 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන LOLC මූල්‍ය සේවා, කෘෂිකර්මාන්ත, වතු වැවිලි, මෝටර් රථ, නිෂ්පාදන, ඉදිකිරීම්, සමුද්‍රික, බලශක්ති උත්පාදන, ඖෂධ සහ සංචාරක යන අංශ ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වශයෙන් වඩාත්ම විවිධාංගීකරණය වූ ආයතනික සමූහය ලෙස එහි තත්වය තවදුරටත් තහවුරු කර ගනී.
LOLC සමූහයේ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2.03 දක්වා සියයට 17 කින් ඉහළ ගොස් ඇති අතර, රුපියල් බිලියන 343 ක් වූ කොටස් හිමියන්ගේ වත්කම් සියයට 15 ක වර්ධනයක් සනිටුහන් කරයි. එහි සමස්ත ණය ස්කන්ධ අනුපාතය (ණය හිමිකරු ප්‍රාග්ධන අනුපාතය) 1.2 ගුණයක සිට 1.05 ගුණයක් දක්වා වැඩි දියුණු වීම, සක්‍රිය ආයෝජන ප්‍රවාහයක් මධ්‍යයේ වුවද, එහි ශේෂ පත්‍රයේ දැවැන්ත ශක්තිය සලකුණු කරයි. 
පසුගිය වසර පුරා LOLC හි ආයෝජන ක්‍රමෝපාය ප්‍රධාන වශයෙන් අප්‍රිකානු තේ අංශයේ අත්පත් කරගැනීම් වලට යොමුවිය. 2023 වසරේදී කෙන්යාවේ ෆින්ලේස් මෙහෙයුම් අත්පත් කරගත් LOLC සමූහය, කෙන්යාවේ, රුවන්ඩාවේ සහ ටැන්සානියාවේ ලිප්ටන් වතුයායන්ද අත්පත් කර ගනු ලැබීය. මෙම ආයෝජන මගින් ඉඩම් දේපොළ අංශ කෙරෙහි LOLC හි උද්යෝගිමත් අභිලාෂ මෙන්ම ගෝලීය තේ සැපයුම් දාමයේ ප්‍රධාන බලවේගයක් වීමේ එහි අභිප්‍රාය නිරූපනය කරයි. 
දේශීය අංශය සැලකූ විට Sierra Cables හි සුළුතර කොටස්, පාලන බලය සහිත බහුතර කොටස් බවට පරිවර්තනය කළ LOLC සමූහය කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිය පැවැත්ම තහවුරු කළේය. 
3 වැනි පිටුවට....



අදහස් (0)

LOLC සමූහයට රුපියල් බිලියන 41 ක ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site