පැන්ෂන් ගිය කත අයිස් ක්රීම් හොද්දක් ගෙදර ගෙනිහින්
ඇය දකුණු පළාතේ ප්රසිද්ධ නගරයක රජයේ කාර්යාලයක රැකියාවක් කළාය. එහෙත් පදිංචිය එම නගරයේ සිට සැතැපුම් හැට හැත්තෑවක් දුරිනි. ඒ නිසා ඇය රැකියාව කළ අවටින් නවාතැනක් සොයා ගත්තාය. කාර්යාලයේ ඇය සේවය කළ කුඩා කොටසේ සිටියේ තුන් හතරදෙනකු පමණක් වූ අතර ඇය බොහෝවිට තනිවම සිටීමට කැමැත්තක් දැක්වූවාය.