මනාලයකු උපක්‍රමශීලි අන්දමින් මනාලියගේ පියා රවටා විවාහයට පෙරම දෑවැද්ද කොටස් වශයෙන් ලබා ගනිමින් නිවස අලුත්වැඩියා කරන්නට ගත් උත්සාහයයක් නිසා මංගල්‍යය කැඩී බිදී ගිය පුවතක් පසුගියදා මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය.

යුවතියක අසල්වැසි තරුණයකු හා පෙමින් වෙලී සිටියාය. මේ හිතවත්කමට තරුණයාගේ පාර්ශවයේ වැඩිහිටියන් දැක්වූයේ දැඩි විරෝධයකි. දින සති මාස ගණන් ගත වෙද්දී මේ විරෝධය තරමක් අඩුවිය. තරුණයාගේ මවුපියන් ඇතුළු වැඩිහිටි පිරිස් තරුණියගේ නිවෙසට ආගියේ මංගල්‍යයේ කටයුතු කතා බව කර ගන්නටය.
තරුණියගේ වැඩිහිටියන් සමගද කතාබහ කිරීමෙන් පසු මංගල්‍යයට දිනයක්ද තීරණය කෙරිණි. තරුණයා නිතර තරුණියගේ නිවසට යාමට එන්නට පටන් ගත්තේ දැඩි විශ්වාසයක් ඇති කර ගනිමිනි. මනාලිය බලන්නට එන තරුණයා මනාලියගේ නිවසෙන් කිසියම් දෙයක් ගෙන යන්නට නිතරම කටයුතු කළේය. මනාලයා තම පැරණි යතුරුපැදිය මනාලියගේ නිවසේ තබා මාමණ්ඩියගේ නවීන පන්නයේ යතුරුපැදිය ගෙන ගියේ පසුව ගෙනෙන බව කියමිනි. මාස කිපයක් ගතවිය යුතුරුපැදිය මනාලයා ඔහුගේ එකක් සේ පාවිච්චි කරන්නට පටන් ගත්තේය.
නිතර මාමණ්ඩියගෙන් මුදල් හදල් ඉල්ලාගත් මේ මනාලයා ඒවාද අමතක කරන්නට ක්‍රියා කළේ කිසියම් සැලසුමක් මත බව මේ අතර මාමණ්ඩියට තේරුම් ගොස් තිබිණි. මේ අතර වෙන්ඩ යන බෑනා මාමාට යෝජනාවක් කළේය. ඒ මංගල්‍යයට පෙර ඔහුගේ නිවස අලුත්වැඩියා කරදෙන ලෙසය. දැඩි ලෙස අබලන්ව ඇති නිවසේ අලුත්වැඩියාව රුපියල් ලක්ෂ දෙකතුනකින්වත් කරන්නට බැරි එකක්විය. ඔහු බිරිය හා පළමුව සාකච්ඡා කළේය. අනතුරුව මනාලියක වෙන්නට පෙරුම්පුරන දියණියටද ඇගේ අනාගත සැමියාගේ ක්‍රියා කලාපය ගැන කියා දුන්නේය. මනාලයා තරුණියගේ අත තිබූ මුදල් හදල්ද වරින් වර ඉල්ලාගෙන ඇති බව එහිදි දැන ගන්නට ලැබිණි.
සියල්ල දැනගත් තරුණිය තීරණයක් ගත්තාය. තාත්තේ මම මේ මංගල්ලේ කරගන්නේ නැහැ. දැන්ම මෙහෙම නම් ඉස්සරහට මේ මිනිහා මාව මරලාත් දායි කී ඇය හිත හදා ගත්තේ කපටියෙකුට රැවටි ජීවිතය සදහටම අදුරු කරගන්නට බැරිනිසාය.
මිරිගම විශේෂ
පුෂ්පකුමාර මල්ලවආරච්චි
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මනාලයා මාමණ්ඩියගේ කනෙන් රිංගා දෑවැද්ද මඟුලට කලින්ම අරගෙන