(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු ලෙස නිරෝධායනයට ලක් වූ පුද්ගලයකු වැඩි වාසි ලබා ගැනීමට තමාට කොරෝනා වැළඳී ඇති බවට පැවසීම නිසා සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
දෛනික රැකියාවක නිරත එම පුද්ගලයා ඔහුගේ බිරිය සහ දරුවා සමග කුලී නිවසේ නිරෝධායනයටලක් වන්නේ ආසාදිත ආශ්‍රිතයන් ලෙසය. නිරෝධායනය වූ පසු නිවසේ අගහිඟකම් ද ගලා එන්නට විය. දින 14ක් කෙසේ හෝ ගලපා ගත්තද ඉන් පසුව එන අගහිඟකම් පිළිබඳව ඔහු දස අතේ කල්පනා කළේය.
පසුව ඔහුට හොඳ නුවණක් කල්පනා විය. ඔහු සිය ජංගම දුරකතනය ගෙන දන්නා හඳුනන අයට දුරකථනයෙන් කතා කර තම දුක්ගැනවිල්ල පැවසීය. එසේ කතා කළ පිරිස් පැමිණෙන බව දැනගත් මෙම පුද්ගලයා වැට අද්දරින් පුටුවක්ද ගෙන ගොස් තැබීය.
පසු දින දහවල් වනවිට පුටුව මත වියළි ආහාර ද්‍රව්‍ය, එළවළු සහ මුදල් ද කීප දෙනකු විසින් ගෙනවිත් තබා තිබිණි. එයින් මහත් උද්දාමයට පත් එම පුද්ගලයා ඒ සියල්ල මහත් සතුටින් නිවසට ගෙන ගොස් තැබීය. පසු දිනද ඒ අයුරින්ම මොහුට ආහාර ද්‍රව්‍ය ලැබුණි.
මට කොරෝනා නැතුව මෙහෙම ලැබුණා නම් කොරෝනා හැදුණොත් කොහොම ලැබෙයිද යනුවෙන් ඔහු කල්පනා කළේය. වැඩිපුර ආහාර ද්‍රව්‍ය සහ මුදල් ලබා ගැනීමට මොහු උපායක් කල්පනා කළේය.
පෙර පරිදිම ජංගම දුරකතනය අතට ගත් ඔහු දන්නා හඳුනන අයට කතා කර තමාට සහ තම පුතාට කොරෝනා වැළඳී ඇති බව පවසා ආධාර උපකාර ඉල්ලා ඇත. බියට පත් හිතවතුන් යළි කිසිවක් ලබා දීමට පැත්ත පළාතේ නොආවේය. මේ වනවිට උතුර දකුණ මාරුවී ඇති එම පුද්ගලයා අනේ මං කරගත්ත ගොංකමක් යැයි කල්පනා කරමින් සිටින්නේලු.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැඩි වාසි ගන්න කොරෝනා හැදුණැයි කියා අනාගෙන