(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
සිය සොහොයුරාගේ බැංකු පොත හා ජාතික හැඳුනුම්පත පන්නාගෙන මුඛ ආවරණයක් පැලඳ එම බැංකු පොතෙන් මුදල් ගැනීමට ගිය අයකු මාට්ටු වී අලි ජංජාලයක් වූ පුවතක් දකුණෙන් වාර්තා වේ.
හේ තදින්ම මත්කුඩුවලට ඇබ්බැහි වූ අයෙකි. ඔහුට ආයතනයක සේවය කරන සොහොයුරෙක් ද වෙයි. ඔහු රැකියාවෙන් උපයා සපයා ගන්නා මුදලින් කොටසක් බැංකුගත කර තිබුණේ ඔහුගේ යහපත සඳහාය. මේ බව මත්කුඩුවලට ඇබ්බැහි වූ සොහොයුරා ද කාලයක පටන් දැනගෙන සිටියේය.
මත්කුඩු සඳහා ඔහුට දිනපතාම පාහේ මුදල් අවශ්‍ය විය. ඔහු නොයෙක් විදියට ඒ සඳහා මුදල් උපයා ගත්තේය. කොරෝනා මර්දන නීතිය හමුවේ මේ දිනවල ඔහුට තමාගේ පුරුද්දට අවශ්‍ය මුදල් සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක්ව පැවැතියේය.
මේ නිසාම ඔහු සිය සොහොයුරාගේ බැංකු පොත පන්නා එයින් මුදල් ගැනීමට සිතුවේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු ඔහු සම්පාදනය කළේය. සොහොයුරාගේ බැංකු පොත පමණක් නොව ඔහුගේ ජාතික හැඳුනුම්පත ද පැන්නුවේය. සොහොයුරාට කොරෝනා මර්දන නීති අනුව ආයතනයෙන් දින කිහිපයක් නිවාඩු ලබා දී තිබීමත් සොහොයුරාගේ රූපය සමානවීමත් මේ සඳහා ඔහු පාදක කරගත්තේය.
සිය සොහොයුරාගේ අත්සන පිළිබඳ දැනීමක් ඔහුට තිබීම මේ උපාය ක්‍රියාත්මක කිරීමට ඔහුට තවත් වාසියක් විය. මේ සියල්ල කරපින්නාගෙන ඔහු අදාළ බැංකු ශාඛාවට මුඛ ආවරණයක් පැලඳ ගියේ සිය සොහොයුරාගේ බැංකු පොතත්, ඔහුගේ ජාතික හැඳුනුම්පතත් ගෙනය.
බැංකුවට ගිය ඔහු ගැනීමට අවශ්‍ය මුදල සඳහන් කොට ඒ සඳහා වූ පෝරමය පුරවා දුන් පසු, සිය සොහොයුරාගේ බැංකු නිලධාරියා මුදල් ආපසු ගැනීම සඳහා වූ පෝරමයේ අත්සන පරීක්‍ෂා කිරීමට යන්ත්‍රයකට දැම්මේය.
එහි වූ අත්සන හා පෝරමයේ අත්සන වෙනස් වූ බැවින් මුදල් ගැනීමට යළි පෝරමයක් පුරවන ලෙසට ඔහුට බැංකුවෙන් උපදෙස් ලැබුණේය. එහිදී ද අත්සනේ වූ වෙනස නිසා බැංකුවට ඇති වූ සැකය මත ඔහුගේ මුඛ ආවරණය ගලවා හැඳුනුම්පතේ හා ඔහුගේ රූපය පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේදී ඔහු බැංකුවෙන් මිදී පලාගොස් ඇත්තේ එහි සිටි මිනිසුන් ද පෙරළගෙනය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සොහොයුරාගේ බැංකු ගිණුමෙන් සල්ලි ගන්න හොර අස්සන ගහලා