IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සාජ්ජයේ ජොලියෙන් හොඳ පරිප්පුවක් කාලා

(හසලක වාර්තාකරු)
බස් රථයේ පැවැති සාජ්ජය නිසා තම ගමනාන්තය අමතකවී රථය නතර කළ තැන සිට පෙරලා කිලෝ මීටර් 7ක පමණ දුර මහ රාත්‍රියේ ආපසු කුලියට ගත් ත්‍රී රෝද රථයකින් නිවෙස බලා ඒමට සිදු වූ ගැමියෙකු පිළිබඳ පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තා වේ.


හසලක නගරයට නුදුරු ගම්මානයක පදිංචි පෙදරේරු වෘත්තියේ යෙදෙන හතළිස් පස් හැවිරිදි තිදරු පියකු වන මොහු මතට ඇබ්බැහි වූ අයෙකි. ගමේ මදුවිත ඇත්තේ කොතැනද ඔහු ද එතැන ඇති බව ගැමියෝ කියති.


මෙදින පෙරවරුවේ ඔහු කිසියම් අවශ්‍යතාවකට තෙල්දෙණිය ප්‍රදේශයේ ඈත දුර ගමකට ගොස් පෙරළා නිවෙස බලා යෑමට තෙල්දෙණිය නගරයට පැමිණෙන විට රාත්‍රී 9ට පමණ වී තිබිණි. බස් රථයක් එනතුරු වහා තැබෑරුමට දිව ගිය ඔහු බස් රථයේ යෑමට පමණක් මුදල් ඉතිරි කරගෙන ඉතිරි අත තිබූ මුදලට මත් වතුර ගෙන එතැනදීම පානය කර නැවත බස් නැවතුම කරා පැමිණියේය. ගෙවී ගියේ විනාඩි කිහිපයකි. කෑගල්ල ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගිවී පෙරළා මහියංගණය බලා ගමන් ගත් කණ්ඩායමක් රැගත් පෞද්ගලික බස් රථයක් රථ නැවතුම් පළේ නතර කෙරිණි. 


‘මහියංගණයට යන කෙනෙක් ඉන්නවා නම් එන්න.’ කියා කොන්දොස්තරවරයා පැවැසීම නිසා එම ස්ථානයේ මහියංගණ දෙසට යෑමට සිටි පෙදරේරුවා ඇතුළු සිවු දෙනෙක් රථයට ගොඩ වූහ. එම අවස්ථාවේ බස් රථයේ අවමංගල්‍යයට සහභාගි වූ තරුණ කණ්ඩායමක් රථයේ පිටුපස කොටසට වී මත් වතුර පානය කරමින් තාලයට ගී ගයමින් ඇතැමුන් නටමින් සිටින බව දැක ගත හැකිවිය. එම දසුනෙන් ඔහුගේ ගත සිත පිනා ගියේය. ගත වූයේ තවත් තත්ත්පර කීපයකි. ඔහු සිටි අසුනෙන් නැගිට කෙළින්ම රංගනයේ යෙදෙන පිරිසට එක්වී ඔහු ද ඔවුන් සමඟ ගී ගයමින් රංගනයේ යෙදුණේය. 


‘ආ අපිටම ගැලපෙන අයියෙක්. ආ අයියා මේ ෂොට් එක ගන්න.’ කියා මත් වතුර වීදුරුවක් තරුණයෙක් ඔහු අත තැබීය.’ තෑන්ක්ස් මල්ලියෝ’ කියමින් එම ෂොට් එක සැනකින් ගිල දැමූ ඔහු එතැන් පටන් කණ්ඩායමේ ජනප්‍රියම ගායකයා බවටත් ජෝකර් බවටත් රංගන ශිල්පියා බවටත් පත්විය. ඒ නිසාම තව තවත් මත් වතුරෙන් සංග්‍රහ කිරීමට හිතවත්තු පියවර ගත්හ.


ඔහු බැසිය යුත්තේ හසලක නගරයේය. එහෙත් මත් වතුරේ සැරත් සාජ්ජයේ ජයත් නිසා බසයෙන් බසින තැන ඔහුට අමතක විය. රාත්‍රී 11ට පමණ මහියංගණයට පැමිණි බස් රථය නැවතුම්පළේ නතර කළෙන් රථයේ පැමිණි සියල්ලෝම රථයෙන් බැස ගත්හ. මොහු ද ඒ අතර විය.


බසයෙන් බැස ගත් ඔහුට දෙලොව රත්විය. ඔහුට ප්‍රශ්න වැලක් මතුවිය.


අායේ මහියංගණයේ ඉඳලා හසලකට යන්න මේ වේලාවට බස් ඇත්තෙත් නෑ. කිලෝ මිටර් 7ක් පයින් යන්ටත් බෑ. ත්‍රී වීල් එකක යන්න අතේ සතේ නෑ. හරිම පඹගාලක පැටලුනේ. කමක් නෑ ගෙදර ගිහිල්ලා දෙන්නම් කියලා වීල් එකක් කතා කරගෙන යනවා, යැයි ඔහු සිතුවේය.


මත් වතුරේ සාජ්ජය නිසා ඔහුට රුපියල් 500ක ගාස්තුවක් ගෙවා ත්‍රි රෝද රථයකින් නිවෙස කරා පැමිණීමට සිදු වූයේය.



අදහස් (0)

සාජ්ජයේ ජොලියෙන් හොඳ පරිප්පුවක් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site