IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


විපතේදී අහක බැලූ නෑයන්ට පාරේ ගිය බැල්ලක් පාඩමක් උගන්වලා

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
උදව්පදව් කළ නෑ හිතවතුන් බලා සිටියදී ගමේ මැරයාගෙන් එල්ලවූ මැර ප්‍රහාරයෙන් දින කිහිපයක් ඉඳුල් බත් කෑ බැල්ලක විසින් පුද්ගලයකු බේරාගත් අපූරු පුවතක් දකුණු පළාතින් වාර්තා වේ.


හේ රහමෙර තොල ගා ගත් සැණින්ම මිනිහා නොමිනිහා වන්නේය. එදාට ගමේ කවුරු හෝ සමග ආරෝවක් ඇති කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු වන්නකි. ගමේ සිටින ඉබ්බන්, තලගොයින් හා කලවැද්දන් ඇතුළු මස් මාංශ බුදින්නකු නිසා ඔහුගේ ශරීර ශක්තිය අන් අයට වඩා වැඩිය. මේ නිසාම ඔහු සමග ගමේ කවුරුත් ආරෝවට නොයන්නේ ඔහුගෙන් පහර කෑමට ඇති බිය නිසාමය. මේ නිසාම ඔහු ගමේ චණ්ඩියා නොහොත් මැරයා බවට පත්වූයේ ඉබේටමය. ඔහුගේ මැරකම නිසාම ඔහු පොලීසියට ගිය වාර ගණන ද වැඩිය.


එදා ඔහුගේ ගොදුර බවට පත්වූයේ ගමේම සිටින අහිංසකම මිනිසාය. කාටත් උදව්වක් පදව්වක් කරගෙන පාඩුවේ ජීවත්වන කෙනාය. ඔහු මිනිසුන්ට පමණක් නොව සතුන්ටද එක සේ ආදරය කළේය. නිවෙසේ ඉතිරිවන ඉඳුල් බත් අහක නොදා දඩාවතේ යන බල්ලන් බළලු‍න්ට ඔහු දුන්නේ පින් සලකාය. වෙනත් කිසිදු බලාපොරොත්තුවකින් තොරවය. ඔහුගේ මේ සත්ව කරුණාව නිසාම දඩාවතේ ගිය එක් බැල්ලක් සිය සුරතලාම බවට පත්වූවාය. ඔහු යන එන තැනක මේ බැල්ල ගියාය. එමෙන්ම ඔහු සිටින තැන ඇය ද සිටියේ කුඩා කල සිටම සාදාගත් සතකු ලෙසය. මේ ආකාරයට මේ දෙන්නා අතර බැඳුණේ දිගු සබැඳියාවකි.


තමා ගැන පොලිසියට වැරදි තොරතුරු දුන්නේ යයි කියමින් ගමේ මැරයා මේ අහිංසක මිනිසාට තඩි බාන්න සූදානම් වූයේ ඔහු උදව් පදව් කළ ගමේ නෑ හිතවතුන් බලා සිටියදීය. ඒත් කිසිවෙක් ඔහු එයින් මුදවා ගැනීමට ඉදිරිපත් නොවූහ. තමා ඉතා අහිංසක බව පවසමින් පහරදීමට එපා යයි ඔහු මැරයාට වැඳ වැඳ කිව්වත් ඔහුගේ සිත කිසිසේත්ම උණු නොවීය. 


මුසාවාද දොඩමින් මැරයා මේ අහිංසක පුද්ගලයාට පහර එල්ල කිරීමට පැන්නේ ගමේ උදවිය හොර රහසේ බලා සිටියදීය. ඒ එක්කම තමාට ඉඳුල් බත් දෙන සිය ස්වාමියාට යමෙක් පහර දෙනු දුටු අර බැල්ල බුර බුරා මැරයාගේ පස්ස පැත්තට පැන මස් කුට්ටියක් කටට ගත්තේ ඔහුගේ වෙරි සිඳවමින්ය. ‘බුදු අම්මෝ මම ඉවරෝයි’ කියමින් පස්ස නොබලාම මේ මැරයා දුවන තෙක්ම මේ බැල්ල ඔහු පසු පසම එළව එළවා ගියේ තමාට ඉඳුල් බත් දෙන සිය ස්වාමියාට කරන ගරු කිරීමක් ලෙසටය.


මිනිසුන්ට මොනතරම් උදව් පදව් කර තිබුණද විපතකදී ඔවුන් හැංගුණත් අහක දමන ඉඳුල් බත් දුන් බැල්ල තමා බේරා ගැනීමට පැමිණීම පිළිබඳව ඔහුට මිනිසුන්ට වඩා පහන් සිතක් මේ බැල්ල කෙරෙහි ඇතිවූයේය. ඒ නිසාම ඔහු මේ බැල්ල ආදරයෙන් වඩාගෙන සිප ගත්තේ මැරයාගෙන් තමා බේරා නොගත් ගමේ උදවිය බලා සිටියදීමය. එයින් හොඳ පාඩමක් ඉගෙන ගනිමින්ය. 



අදහස් (2)

විපතේදී අහක බැලූ නෑයන්ට පාරේ ගිය බැල්ලක් පාඩමක් උගන්වලා

Chinthaka Tuesday, 02 March 2021 10:14 AM

සුනඛයා තරම් කෙළෙහි ගුණ දන්නා සත්වයෙක් මිහිපිට නොමැත.

:       0       38

sampath Wednesday, 03 March 2021 04:52 PM

මේ රටේ මිනිස්සු කොයිතරම් පිරිහිලාද? බය වෙලාද ඉන්නේ..? මහපාරේ මරලා දැම්මත් කිසිකෙනෙක් ඉදිරිපත් නොවන තත්වයට පත්වෙලා.. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් පොලිසිවලට යන්න වීම... නමුත් ජනතාව එකතු වුණොත් අපරාධ වළක්වන්න පහසුයි. අඩුම මේ වගේ එකක් වීඩියෝ කළා නම් සාක්ෂියක් වෙනවා. සතා හිටපු නිසා ඒ මනුස්සයා බේරුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බිරිඳට දුන් බඩ විරේකය තමන්ටම කැරැකිලා
2024 සැප්තැම්බර් මස 12 390 0

බිරිඳගේ කැන්වසින් යාම නවත්වන්න සැමියා විසින් දෙන ලද බඩ විරේක සැමියාටම පෙවූ බිරිඳක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


කේක් වෙනුවට රෙජිෆෝම් කපලා
2024 සැප්තැම්බර් මස 11 842 0

දකුණේ මාතරට නුදුරු නියම් ගමකි. මෙහි වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යන තරමක් මෝඩ පහේ පුද්ගලයෙකි. දැන් වයස තිස් ගණන් ද ඉක්මවීමට ආසන්නය. පෙළවහක් කර ගැනීමට තවමත් න


ගැබිනි වෙසින් සීට් ගන්න ගිහින් රෙදි ගැලවිලා
2024 සැප්තැම්බර් මස 10 1164 0

කොළඹ සිට මහනුවර ගමනාන්තය දක්වා ධාවනය වෙමින් තිබු අතුරු සිදුරු නැතුව මගී ජනතාව පිරී සිටි ශ්‍රී ලංගම බස්රථයට අතරමඟදී අරුමෝසම් ඇඳුමකින් සැරසී සිටි කෙසඟ


උකසට ගත් රන්මුදුව රිදී වී තරු පෙනිලා
2024 සැප්තැම්බර් මස 09 754 0

සූදූ පොළේදී උකසට ගත් රන් මුදුව නගරයේ උකස් මධ්‍යස්ථානයේදී රිදී බවට පත්වු පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


දරුවන්ට පාඩමක් උගන්වන්න මව මලැයි කෝල් දීලා
2024 සැප්තැම්බර් මස 07 624 0

රෝහලට ඇතුළත් කර දින තුනක් ප්‍රතිකාර ලැබූ අවස්ථාවේ දී එක් දිනක්වත් තමාගේ සුව දුක් බැලීමට නොපැමිණි යැයි දරුවන් පිළිබඳ කනස්සල්ලට පත් වී පාඩමක් උගන්වන්න


තහනම්​ ගෙඩි කඩන්න ගිහින් හොරේ අතටම මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 614 0

ඇතුගල අවට ගම් පෙදෙසකි. කඩවසම් තරුණයා ආරක්ෂක අංශයක සේවය කරන අයෙකි. ඔහු නිවාඩුවට ගමේ පැමිණි පසුව කුරුණෑගල වැව රවුමේ කාලය ගත කිරීම විනෝදාංශයකි. ඒ සඳහා ඔහු


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 12 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2037 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 943 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site