IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාහු කාලයේ සෙනසුරා ලබලා ලිතත් විසිකරලා

සුගත් පළපුරුදු මාර්ගෝපදේශකයෙකි. භාෂා කීපයක් කතා කිරීමටහැකියාවක් ඇති ඔහුට දන්නා හඳුනන විදේශිකයෝ බොහෝ සිටිති.පසුගිය දිනක සුගත් දන්නා හඳුනන ජර්මන් ජාතික ඉංජිනේරුවෙක්ශ්‍රී ලංකාවට පැමිණියේය. සුගත් සමඟ දින කීපයක් ඔහු රට පුරාඇවිද්දේය.බෙන්තොට ප‍්‍රදේශයේ ලැගුම්හලක නතරව සිටි ඔහු අසවල් දින ආපසු යන බව සුගත්ට කීවේය. තමා සතුව ඇති කැමරා දෙකෙන් එකක් තමන් ආපසු යනවිටසිහිවටනයක් වශයෙන් සුගත්ට දී යන බව විදේශිකයා කීය. සුගත් පදිංචිව සිටියේ හම්බන්තොටට නුදුරු ගම්මානයකය. විදේශිකයා පිටව යන දින ඔහුගේ කැමරාව ගැනීමේ අදහසින් ඔහු හමුවීමට යාමට සුගත් එදින උදේ ලකලෑස්ති විය.සුගත් ජ්‍යොතිෂය තදින්ම විශ්වාස කරන අයෙකි. උදේ 7.35 ට පමණ ගමන යාමට සූදානම්ව ඔහු බිත්තියේ එල්ලා තිබූ ලිත බැලූවේය. ඔහුට දෙවියන් සිහිවිය. එදින පෙ.ව. 7.27 සිට පෙ.ව. 8.57 දක්වා රාහු කාලය යෙදී තිබුණේය. එවැනි වේලාවක ඔහු කිසිම දිනක ගමන් බිමන් යන්නේ නැත. කල් ඇතිවතමන් අවදි නොකළේ යැයි බිරියට කෑ ගසමින් රාහු කාලය අවසන් වනතෙක් සුගත් නිවස තුළම රැඳී සිටියේය. රාහු කාලය අවසන් වූ විගස ඔහු නිවසෙන් එළියට බැස්සේය. ප.ව. 12.45 ට පමණ සුගත් බෙන්තොටට ගියේය. විදේශිකයා නතරව සිටි අවන්හලට ගොස් විමසූවිට ”එයා ගිහින් දැන් පැය භාගයකටත් වැඩියැ” යි අවන්හල් හිමියා කීවේය.රාහු කාලයේ තමන්ට සෙනසුරා සිටියේ යැයි කියමින් ආපසු හිස් අතින් ගෙදර ගිය ඔහු බිත්තියේ එල්ලා තිබූ ලිත ගලවා විසි කළේ ” තවත් නම් ඔය රාහු කාලය තුට්ටුවකට ගණන් නොගන්නේ” යැයි කියමින් ලූ.



අදහස් (0)

රාහු කාලයේ සෙනසුරා ලබලා ලිතත් විසිකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site