ඇය විශ්‍රාම ගිය පාසල් ගුරුවරියකි. සිය සැමියාගේ වියෝවෙන් පසු වතුපිටි සියල්ල බලා ගත්තේද ඇය විසිනි. වතුපිටිවල වැඩ සඳහා දිනපතා වැඩට කම්කරුවෙකුද පැමිණියේය.

බුලත්විට කෑමට දැඩි ගිජුකමක් දක්වන මෙම කම්කරුවා දිනකට අඩුම තරමින් බුලත්විට දහයකටවත් වගකියයි. මේ සඳහා හෙතෙම වැඩිපුර කාලයක් වැයකරන නිසා වැඩ කිරීමට තිබෙන කාලය අපතේ යෑම විශ්‍රාමික ගුරුතුමියට ඉවසුම් නොදෙන්නක් විය. මෙය වැළැක්වීම සඳහා උපායක් කල්පනා කළ ගුරුතුමිය කම්කරුවාට දිනක් මෙසේ කීවාය. “හැම වෙලේම බුලත්විට කොටන එක කරදරයිනේ. ඒ නිසා දවසටම හරියන්න එකපාර උදේට බුලත්විට කොටල තියාගත්ත නම් ලේහෙසියි නේ ගුරුතුමිය පැවසුවාය.

කම්කරුවා සමච්චල් සහගත සිනාවක් පාමින් විශ්‍රාමික ගුරුවරියට මෙසේ කීය. “නෝනා හෙට ඉඳල උදේට උයනකොට සතියටම ඇති වෙන්න එකපාර උයන්න. එතකොට නෝනට කරදරයකුත් නැහැ මහන්සිත් නැහැ. උයාගත්ත ටික ඉවරවෙනකන් ටික ටික හැමදාම කන්න පුළුවන්. කම්කරුවාගේ කියමනෙන් ගුරුතුමියට උන්හිටි තැන් අමතක විය. හෙමින් සීරුවේ එම ස්ථානයෙන් ලිස්සා ගියේ කම්කරුවාගේ සමච්චල් සහගත සිනාව මැදය.

(මඩුල්ල සේනක බණ්ඩාර, මොනරාගල අතිරේක කේ.එම්.පී. බණ්ඩාර)