මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා කොරියාවේ ධීවර කේෂත්රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. 19 August 2022
බ්රේක් නැති පා පැදියකින් පල්ලමේ ගිය දරුවා මරුට බෑවුම් සහිත මාර්ගය පාපැදියෙන් ගමන් කළ 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු පා පැදියේ තිරිංග ක්‍රියාවිරහිත වී වේගය පාලනය කරගත නොහැකිව තාප්පයක ගැටී එක් සිසුවකු මියගොස් අනෙක් සිසුවා තුවාල ලබා කරාපිටිය රෝහලට අතුළත්කර ඇතැයි දික්වැල්ල පොලසිය පවසයි. 19 August 2022
ටෙලිකොම් - රක්ෂණ සංස්ථාව දෙනවාට කිරිඇල්ලගෙන් දොස් රජය පෞද්ගලීකරණය කරන ආයතන ලැයිස්තුවට විශාල වශයෙන් ලාබ ලබන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන ආයතනද ඇතුළත් කර ඇති බවත් ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමට සමගි ජන බලවේගය පක්ෂය විරුද්ධ බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 19 August 2022
ගෝනුන්ගේ සිරුරු නානුඔයේ පාවෙයි හොර්ටන්තැන්න රක්ෂිතයේ සැරිසරන ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙන බව එම ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයින් කියා සිටියි. 19 August 2022
ජැක්සන් බලන්න ජනපති ජාතික රෝහලට යයි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ගියේ ය. 19 August 2022
පෙම්වතියගේ හොර අල්ලන්න අබාය ඇන්ද තරුණයා මාට්ටු මුස්ලිම් කාන්තාවන් අඳින අබායා ඇඳුමකින් සැරසි බුර්කාවක්ද පැළඳ පැමිණ සිටි මුස්ලිම් තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් ඔවුන්ගේ බාරයට ගෙන ගාල්ල පොලිසිය වෙත අද (19) උදැසන බාරදී තිබේ. 19 August 2022
සර්ව පාක්ෂික රජයේ ඇමැති ධුර ගැන අලවතුවලගෙන් චෝදනාවක් අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර හැත්තෑවක් දක්වා වැඩි කිරීමට කටයුතු කරගෙන යන බව දැනගන්නට ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය. 19 August 2022
කොළඹ ප්‍රදේශ දෙකකට පැය 10 ක ජල කප්පාදුවක් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (20) පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බවත් හෙට රාත්‍රී 11.00 සිට අනිද්දා (21) පෙරවරු 9.00 දක්වා එය ක්‍රියාත්මක වන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 19 August 2022
තෙල්,ගෑස්,බෙහෙත් ගන්න විනිමය අප සතුයි ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දිනවල ගත් තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල ලැබෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 19 August 2022
පළාත් කිහිපයකට වැසි මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 August 2022
විමල්ගේ නායකත්වයෙන් නව සන්ධානය පිහිටුවීම හතර විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන සන්ධානයක් ලබන මස 4 වෙනිදා පිහිටුවන බව ස්වාධීන පක්ෂ එකමුතුව පවසයි. 19 August 2022
මුදලිගේ ගත්තාට කැලණියේ විරෝධතා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අද රාත්‍රියේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. 18 August 2022
ජනපති ජපානයෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පැමිණෙන ලෙස චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දුන් ප්‍රධාන රටවල්වලට ආරාධනා කරන්නැයි ජපානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඊයේ(18) ප්‍රකාශ කළේය. 18 August 2022
ගෝඨාට එන්න දෙන්න පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 18 August 2022
පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය අත්‍යවශ්‍යයි පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 August 2022
එජා සංවිධාන නියෝජිතයෝ ජනපති හමුවෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 18 August 2022
මිතුරාට අවසන් ගෞරව දක්වන්න ජනපති ජපන් යයි ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය. 18 August 2022
බලශක්කි අමාත්‍ය කංචනගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්තය යන ආයතන දෙකේ ප්‍රධාන කටයුතු කීපයක් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) පැමිණිල්ලක් කළ බව විදුලිබල හා බලශක්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පස්වරුවේ පැවසීය. 18 August 2022
අරගලයට සහාය දුන් බ්‍රිතාන්‍ය තරුණිය සොයා මෙහෙයුමක් අරගලයට සහය දැක්වූයේ යැයි චෝදනාවට ශ්‍රී ලංකාව නිකුත් කර තිබූ වීසා අවලංගු කළ බි්රතාන්ය ජාතික තරුණිය කෙලී ෆ්‍රාසර් සොයා ශ්‍රී ලංකා ආගමන හා විමගන දෙපාර්තමේන්තුවේ විමර්ෂණ කණ්ඩායමක් සහ බුද්ධි අංශ කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය අද (18) පස්වරුවේ පැවසුවාය. 18 August 2022
කොවිඩ් ආසාදිතයන් 166 ක් ‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 166 දෙනකු අද (18) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 18 August 2022
පිට පිටම දෙවැනි දිනටත් කොවිඩ් මරණ 5 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) පස්වරුවේ තහවුරු කළේය. 18 August 2022
කැළණිවැලි දුම්රිය මාර්ගයට බිලිවන නිවාසවලට ‘මාලපල්ලෙන් නිවසක් කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වන ජනතාව වෙනුවෙන් ඉදිවන ‘මාලපල්ල’ මහල් නිවාස ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිරීක්ෂණය කළේය. 18 August 2022
වසන්ත මුදලිගේ අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද (18) පැවැත්වූ විරෝධතා පා ගමනට සහභාගි වී සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත් බවඋසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 18 August 2022
ගෝල්ෆේස් බිමට වූ හානිය අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා දීර්ඝ කාලයක් අරගලකරුවන් රැඳී සිටීම නිසා ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 18 August 2022
වරායේ ලොකු වෙනසකට ඇමැති සැරසෙයි ගුවනින් මෙන්ම නෞකාවලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් වෙනුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නවීන පහසුකම් ඇති කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 18 August 2022
‘‘ගල්අඟුරු නැති වුණොත් පැය 10ක් විදුලිය නෑ‘‘ ඉදිරි කාලයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් පැය 10ක පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 August 2022
අන්තරේ පාගමනට කදුළු ගෑස් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන විසුරුවා හැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය. 18 August 2022
හරක් මැරීම නතර කළ ඇමති මර්වින්ට ඇපයක් අවශ්‍ය නෑ-කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කැලණියේ හරක් මැරීම නතර කළ මෙම සැකකරු ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනි දා අධිකරණයේ පෙනී සිටීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මුදා හැරියේය. 18 August 2022
සජබෙ එක්කෙනෙක් වත් ඇමතිකම් ගන්නෙ නෑ සමගි ජනබලවේගයේ එක්කෙනෙක් වත් සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැතිකම් ගන්නට සූදානම් නැතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. නව ජනාධිපති පත් වී මාසයකට ආසන්න කාලයක් ගත වූ නමුත් සර්වපාක්ෂික ආණ්ඩුව කතා පෙට්ටියක් පමණක් වී ඇතැයි ද රාජකරුණා මහතා පැවසීය. 18 August 2022
අන්තරේ පා ගමන ජනපති ලේකම් කාර්යාලය දෙසට ‘ඩීල් රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු’ යන තේමා යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගර ශාලාව ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් තිබේ. 18 August 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026