(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක දී පොදුජන පෙරමුණ මෙම ඉල්ලීම කර තිබේ.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණි.
මෙහිදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත.
එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බව ද බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.
මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු,පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇත.
ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජයවර්ධන හා ශමල් සෙනරත් මහත්වරුන් සහභාගී වී තිබෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිනී බබා නිසා තමයි. ජනාදිපති රනිල්ට රට කරන්න බැරි. බැසිල් කතාකරන්නෙ ( සිනිබබා). ලොකු ලෙන්ගතු කමකින්. කඩිනමින් අරාක්ශාව සපයන්න. කවුද කිව්වෙ රට පනින්න. ගියා වගෙ ඇවිත් හිර ගෙදරට යන්න. පවුලෙ සැමත් සමග. සතුටින් ඉන්න පුලුවන්. යනා අක්කට එන්න කියන්න පිලිගන්න. කොන්ඩෙ කඩාගෙන. කුකුලා අතෙ අරන් රනිල් අයි මේ හොරු අරාක්ශා කරන්නෙ. ගෝටා ආව ගමන් කඩිනමින් පවුලෙ සියලුම දෙනා නැදැයින් සේරම අත් අත්අඩංගුවට ගන්න. බසිල්. මහින්ද ගෝටා. මොවුන්ට නීතියක් හදන්න නඩු ඉවර වෙනකම් රටින් පිට වෙන්න බැහැ කියලා. අනිවාර්‍යෙන් මොවුන් හිරගෙදර යවලා රටේ වැඩ පටන් ගන්න. මුලු රට්ටම කිරි ඉතිරෙනවා. සියලුම දෙනා කරලා තියෙන්නෙ සුලු වැරදි. රාජපක්ශලා කොහොමද එලියෙ ඉන්නෙ. අරාක්ශාව පිට. මුන්ගෙ වැරදි කොහොමද. අධිකරනය නොදැන ඉන්නෙ. නීතිඥවරුන්ට පුළුන් ඒක කරන්න. මොකද මේ රටේ උගත් මිනිසුන්ට වෙලා තියෙන්නෙ. පාකින්සස් කියෙ රෝගය හැදිලා වගේ ජිවත් වෙන්නෙ.
දුශිත දේසපාලුවන්ට ගෝටා නැතුව බැරුව ඇති. රටම හොරාකාලා, පවුල් පිටින් එකතුවෙලා රටම විනාශ කෙරුවා . දූෂිතයෝ ඉන්ඩ ඕනේ හිරේ. වෙන රටකනම් මෙලහකට හිරේට යවලා.
එන්න දෙන්න නෙවෙයි ඉන්න තැනකින් අල්ලාගෙන ඇවිල්ලා ලසන්තා-එක්නැලිගොඩ නඩු, මිග් යානා වංචා, සීනි වංචාව (රැපියල් බිලියන දාහතරක) මේ මිනිහට නඩු දාන්න. උපරිම දඩුවම් දෙන්න. චංඩියා ෆොන්සේකා ඇල්ලුව හැටි මතකනේ….?
පිටතට පෙනෙන්න රනිල් චන්ඩි කතා කියුවට ඇත්තටම ඔහු අද ඉන්නේ පොහොට්ටුවේ ප්‍රාණ අපකරුවෙක් වෙලා , රටට කරපු විනාශය ගැන වගේ වගක් නැතිව ඉන්න හිටපු අප්පච්චි සහ ඔහුගේ ගෝලයෝ තවමත් බලන්නේ රනිල්ව ඉස්සරහට දාල ඔවුන්ගේ පරණ තක්කඩි වැඩ ටික සුපුරුදු පරිදි කරගෙන යන්න
ගෝඨා ගෙනාවේ මහජනතාව, යැව්වෙත් මහජනතාව, රට හිඟන රටක් කරලා එයාට එන්න බැහැ මෙහාට... පොහොට්ටුවන්ට ඕනෑ නම් තායිලන්තයට යන්නේ.
ගෙන්නාගෙන කරපු අපරාධ වලට නඩු දාන්න.. ලසන්ත, එක්නැලිගොඩ, ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, සීනි සහ මිග් වංචා….
ඔන්න බලන්න ජනාධිපතිගේ පාර්ශවයෙන් සාකච්ඡාවට සහභාගි වී තිබෙන්නේ පහුගිය මහ මැතිවරණයේදී අන්ත පරාජයට පත්වූවන්. ඔවුන් තමයි අද රට පාලනය කරන්නේ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය...? පොහොට්ටුව අද පරාජිතයින් ළඟ හිඟන්නන් බවට පත්වෙලා. ඡන්දයක් තියලා ජනතාවට කැමැති ආණ්ඩුවක් පත් කරගන්න අවස්ථා සලසිය යුතුයි. නමුත් අද පොහොට්ටුවත්, එක්සත් ජාතික පක්ෂයත් ඡන්දයට යන්න බයයි...!
මෙහෙ ආවත් එයාට ගතකරන්න වෙන්නේ බංකරයක් ඇතුළට වෙලා මරණ බයේ... හිරකරුවන්ගේ ජීවිත මීට වඩා හොඳයි.
රටම වළපල්ලට ඇදලා දාපු, ජනතාව පැන්නුව, ,විදේශ රටවල ජීවත් වෙන ලාන්කිකයො පවා එකහෙළාම ප්‍රතික්ෂේප කරපු දුශිත පාලකයා හරිනම් ඉන්ඩ ඕනේ හිරේ.