IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පෙම්වතියගේ හොර අල්ලන්න අබාය ඇන්ද තරුණයා මාට්ටු

(ඩී.ජි.සුගතපාල - සුමතිපාල දියගහගේ)

මුස්ලිම් කාන්තාවන් අඳින අබායා ඇඳුමකින් සැරසි බුර්කාවක්ද පැළඳ පැමිණ සිටි මුස්ලිම් තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් ඔවුන්ගේ බාරයට ගෙන ගාල්ල පොලිසිය වෙත අද (19) උදැසන බාරදී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල මකුළුව පදිංචි 27 හැවිරිදි මුස්ලිම් තරුණයෙකි.

ඔහු අද උදෑසන දුම්රිය ස්ථානයට පැමිණ කොළඹට  ප්‍රවේශ පත්‍රයක් මිලදි ගෙන ඇති අතර ඔහුගේ කටහඬ ගැන සැක සිතු ආරක්ෂක නිලධාරින් ඔහුව පරික්ෂා කර ඇත.

එහිදි දුම්රිය ආරක්ෂක නිලධාරින් දැක ඇත්තේ මුස්ලිම් කාන්තා ඇඳුමකින් සැරසි සිටියත් ඔහු පිරිමියෙකු බවය.

පසුව දුම්රිය ආරක්ෂක නිලධාරින් ඔහු පොලිසියට බාර දිමට කටයුතු කර ඇති අතර පොලිසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරිමේදි ඔහු පවසා ඇත්තේ තමාගේ පෙම්වතිය වෙනත් තරුණයෙක් සමග  සම්බන්ධයක් පවත්වන බවටත් ඔවුන් ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණෙන බවටත් ලැබුන තොරතුරක් අනුව මෙසේ කාන්තා ඇඳුමකින් සැරසි පැමිණි බවය. 

මෙම ඇඳුම ඔහුගේ මවගේ ඇඳුමක් බවටත් අනාවරණයවි තිබේ.

ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපති සි.අයි.කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි සැරයන්වරුන්වන එම්.ඩි.එස්.ටි.අබේරත්න,එස් .ජේ .අයි .කළංසුරිය ඩබ්ලිව්.එච්.ආරියරත්න යන මහත්වරුන් විසින් සැකකරු අල්ලා ගෙන පොලිසියට බාරදි ඇත.



අදහස් (3)

පෙම්වතියගේ හොර අල්ලන්න අබාය ඇන්ද තරුණයා මාට්ටු

කිරි පුතා Friday, 19 August 2022 12:28 PM

වෙනත් ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙවෙයි නම් මානසික වෛද්‍යවරයෙකුට යොමුකළ යුතුයි..!

:       5       32

Hira Friday, 19 August 2022 03:59 PM

අවුරුදු 1500කට විතර කළින් මහ එකා සෙල්ලම් දාලා තියෙන්නත් මේ විදිහටලු...

:       5       8

ශාන්Saturday, 20 August 2022 07:23 AM

කැතයි නේද මහත්මයා... මුළු මහත් ආගමමක්ම අවමානයට පත් කිරිම...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site