(නිමල් ලන්දගේ)

බෑවුම් සහිත මාර්ගය පාපැදියෙන් ගමන් කළ 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු පා පැදියේ තිරිංග ක්‍රියාවිරහිත වී වේගය පාලනය කරගත නොහැකිව තාප්පයක ගැටී එක් සිසුවකු මියගොස්   අනෙක් සිසුවා තුවාල ලබා කරාපිටිය රෝහලට අතුළත්කර ඇතැයි දික්වැල්ල පොලසිය පවසයි.

දික්වැල්ල දොඩම්පහල උඩදෙණිය මාර්ගයේ සිදුවූ මෙම අනතුරින් දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 13 හැවිරිදි  ගයේෂන් දිනුජ හස්මික නැමැති පවුලේ එකම දරුවා මරණයට පත්ව ඇත. 

අමතර පන්තියකට සහභාගි වීම සඳහා මවද සමග ගොස් සිටියදී පන්තිය පටන් ගැනීමට පෙර අතුරු මාර්ගවල යහළුවන් සමග බයිසිකල් පදිමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි .

අනතුරින් තුවාල ලැබූ දරුවා වහා දික්වැල්ල රජයේ රෝහලට ඇතුලත් කළද හිසට බරපතල තුවාල සිදුවූ සිසුවා මරණයට පත්ව තිබේ.