IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බ්‍රේක් නැති පා පැදියකින් පල්ලමේ ගිය දරුවා මරුට

(නිමල් ලන්දගේ)

බෑවුම් සහිත මාර්ගය පාපැදියෙන් ගමන් කළ 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු පා පැදියේ තිරිංග ක්‍රියාවිරහිත වී වේගය පාලනය කරගත නොහැකිව තාප්පයක ගැටී එක් සිසුවකු මියගොස්   අනෙක් සිසුවා තුවාල ලබා කරාපිටිය රෝහලට අතුළත්කර ඇතැයි දික්වැල්ල පොලසිය පවසයි.

දික්වැල්ල දොඩම්පහල උඩදෙණිය මාර්ගයේ සිදුවූ මෙම අනතුරින් දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 13 හැවිරිදි  ගයේෂන් දිනුජ හස්මික නැමැති පවුලේ එකම දරුවා මරණයට පත්ව ඇත. 

අමතර පන්තියකට සහභාගි වීම සඳහා මවද සමග ගොස් සිටියදී පන්තිය පටන් ගැනීමට පෙර අතුරු මාර්ගවල යහළුවන් සමග බයිසිකල් පදිමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි .

අනතුරින් තුවාල ලැබූ දරුවා වහා දික්වැල්ල රජයේ රෝහලට ඇතුලත් කළද හිසට බරපතල තුවාල සිදුවූ සිසුවා මරණයට පත්ව තිබේ.



අදහස් (0)

බ්‍රේක් නැති පා පැදියකින් පල්ලමේ ගිය දරුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 435 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site