(අංජුල මහික වීරරත්න)
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ද ඉකොනොමිස්ට් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමට අමතරව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ,ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලීකරණය කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී කීය .
ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ගැටළුවක් බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර 40 ක් පුරා එම ක්ෂේත්‍රයේ සිටින පිරිස සමගද සාකච්ඡා කර නව ආයෝජන සඳහා අවස්ථා විවෘත කරන බව කීය.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී වෘත්තිය සමිති දක්වන විරෝධය ගැන තමා කරදර නොවන බවත් තමාට වැදගත් වන්නේ ජනතාව බවත් කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තත්ත්වය යහපත් වන බව ජනතාවට තේරුම් යන විට ඔවුන් මේ ක්‍රියාවළිය සමග ඉඳිවී යැයි විශ්වාසය පළ කළේය .
2018 වසරේ පැවති තත්ත්වයට යළි පැමිණීමට 2024 -2025 දී හැකි වේයැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. 2023 වසර ආරම්භයත් ශ්‍රී ලාංකිකයින්ට අසීරු වුවත් වසර අවසාන වන විට යහපත් අතට හැරෙනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා එපා කියනවා නම් ඒ සඳහා විකල්ප සැලසුමක් ඉදිරිපත් කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ආර්ථිකය යළි නගා සිටුවීමේදී බදු යළි ඉහළ දැමීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වන බවත් ජනාධිපතිවරයා පැවසීය. නව බදු සඳහා මුදල් පනතක අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පෞද්ගලීකරණය විය යුතුයි.
ටෙලිකොම් ආයතනය පුද්ගලික කරනය කලේ 1996 වසරේ බවත් ලාබ ලබන ප්‍රදාන ආයතන 20 තුල අවුරුදු 7 පමන සිට රැදී සිටින බවත් මොහුට කවුරුට් කියා දී නැතුව ඇති
ඔය පාඩුයි කියන ඒවායේ බෝනස් ගන්නේ කෝටි ගණන් වලින්.පාඩුනම් මහජනතාවට නඩත්තු කරන්න බෑ ඕව නඩත්තු කරන්න ගසාකන්න ලෝකේ කවුරුත් නයට දෙන්නෙත් නැහැනේ.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී වෘත්තිය සමිති දක්වන විරෝධය ගැන තමා කරදර නොවන බවත් තමාට වැදගත් වන්නේ ජනතාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රකාශය වෘත්තිය සමිති තේරුම් ගත යුතුවේ. විදේශ යෝජනා ලංකාවට පැමිණීමේදී සහ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී වෘත්තිය සමිති දක්වන විරෝධය නිසා ලංකාවට විදේශ ආයෝජන පැමිණීම මුළුමනින්ම නැවතී තිබේ.
මෝඩ කතා කියන්න එපා. කවදාවත් මේ තත්ත්වයෙන් ගොඩ එන්න බැහැ රටේ නිෂ්පාදනය වැඩි කරනකම්. ණය ගත්තට මේ තත්ත්වයෙන් ගොඩ එන්නේ නැහැ. අනිත් රටවල් එක්ක කතා කරන්න ඕන ණය ගන්න හැටි නෙවෙයි මෝඩයෝ ව්‍යාපාර අවස්ථා නිෂ්පාදන අවස්ථා ... අන්න ඒ වගේ අවස්ථා හොයල බලනවා. අලුත් ෆැක්ටරි අලුත් නිපැයුම්.
අනවශ්‍ය සේවකයන්ගෙන් පවා උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ ගැනීම මේ ක්‍රමය වඩාත් සාර්ථක වනු ඇත.
ජයවේවා ජනපතිතුමනි! වෘත්තිය සමිති ජුන්ටාවන්ට බය වෙන්න එපා. ගෝටාට යන්න වුනෙ නියම කාලයට ගතයුතු තීරන නොගත් නිසයි
පාඩු ලබන ආයතන ලැබ ලබන්න සැලැස්මක් ඕනේ,ප්‍රොජෙට් එකක් ඕනේ
අනිවාර්‍යයෙන්ම කල යුතුයි. රජයේ හා ඊට අනුබද්ධ බොහෝ ආයතන සුදු අලින් බවට පත්ව අවසන්ය. උදාහරන ලෙස විදුලි බල මන්ඩලය, තෙල් සංස්ථාව, ගුවන් විදුලිය, ලේක් හවුස්, වැනි ආයතන රටට බරක්, එයට මූලික හේතුව අකාර්‍යක්ෂම නුසුදුසු, දේශපාලන පත්වීම් වලින් අවශ්‍ය පිරිසට වඩා දස ගුනයකින් වැඩි සේවකයන්, හා ඔවුන්ගේ හොර කම්ය. රටට බදු ගෙවන ජනතාවට මෙවැනි බොරු කරන සේවකයන්ගේ බර තව දුරටත් දැරිය නොහැකිය.
මේ ජනාධිපතිවරයාට කවදාවත් ඡන්දෙකින් දිනන්න බැරි බව එයා දන්නවා.. ඒක නිසා එයා ජනතාව ගැන අනුකම්පාවෙන් බලන එක්කෙනෙක් නෙවෙයි. වෛරසක් තියන එක්කෙනෙක් තමයි රනිල් කියන්නේ. ඒ තුළින් කවදා හරි දවසක මහින්දගෙ පුතා රජා කරවීම තමයි එයාගෙ බලාපොරොත්තුව . මහින්ද මැරෙන්න කලින් දකින්න ආසම දේ ඉෂ්ට කරදීම tතවත් බලාපොරොත්තුක්.
පාඩු ලබන ආයතන කිව්වම ටෙලිකොම් කියන්නෙ ඇයි ටෙලිකොම් හා රක්ෂණ සංථාව පාඩු නැහැ තවත් බරපතළ පාඩුවක් ලබන්නේ පළාත් සභා ඒවාටත් මොනවා හරි කරන්න .ගමනාගමන මණ්ඩලය පාඩු ලබනවා ඇති.හැමදාම රාජ්‍ය ආයතන හදලා හරියන්නේ නැහැ ස්වාභාවික සම්පත් උපරිමයෙන් තියෙන රටේ ඒවායින් කර්මාන්ත ආරම්භ කරන්න .අමුවෙන්ම රට යවන්න එපා.දක්ෂ නිපැයුම් කරුවන්ට ඒවාට ඉඩකඩ පහසුකම් කරදරයක් නැතුව ලබාදෙන්න උදා ප්‍රේමදාස ජනාධිපති ඇගලුම් කම්හල් ඇතිකලේ පුද්ගලික අංශයට දිරිගැන්වීම කරලා රජයේ කර්මාන්ත හදන්නම එපා ඒ සමගම දැනට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී බලන (නිළධාරින්ගේ අතමිට සරුකර ගන්නා පහසුකම් ) අනවශ්‍ය ප්‍රශ්න නැති කරන්න
මේවා පාඩු ලබන ආයතන බවට පත්කරේ මුන්දලම තමා , ඔය හැම සංස්තාවකටම දාපු සබාපති ල තමයි උන්ගේ ගෝලයෝ එක්ක එකතු වෙලා ඔය ආයතන ඔය තත්වෙට දැම්මේ
අලුත් ෆැක්ටරි අලුත් නිපැයුම්.බැසිල් මහාත්තයාගේ අයෝජන වලින් පෙර පරිදි රට ගොඩ ගන්න පුලුවන්.
This is a very good move .....good lesson for OT Bonus thieves...........
පාඩු ලබන කියලා මදි එම ආයතන වල පාඩුව පියවීමට භාණ්ඩාගාරයෙන් කොපමණ මුදලක් වාර්ෂිකව ගෙවා තිබේද වැටුප් සදහා රජයෙන් කොපමණ ගෙව්වද එම ආයතන සේවකයින්ට හා නිළධාරින් සදහා ප්‍රසාද දීමනා ආයතන පාඩු ලබද්දීත් ගෙව්වද ගෙව්වා නම් වසර දහයක පමණ තොරතුරු දෙන්න ජනතාව දැනුවත් කරන්න
කරුණාකරලා මෙය කරන්න රාජ්‍ය දෙපාර්තමේන්තු ඔක්කොම හොර ගුහාවල් වැඩකරන්නේ නැහැ.. නිකන් ඉඳලා පඩි ගන්නවා.
ලාෆ් වගෙ කලුකඩ රජයට පවරා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය දෙයකි. මෙයලගෙ කෙරුවාවල් හොයන්න ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න ඔන.
අපිටත් ඕනෙ එක ඉක්මණට කරන්න ජනාධිපතිතුමනි..., වෘත්තීය සමිති වහා අහෝසි කරන්න...
කවුරුත් කිව්ව නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා එපා කියල. මෙයා පම්බෝරි ගහපු විදියටත්, පොහොට්ටුව මෙයා ගැන ලොකු බලාපොරුත්තු තිබ්බ එකත් දැන් ප්‍රශ්නාන්ත වෙලා. ජනවරමක් නැතුව ජනාධිපති වුන එකත් සහ දුෂිතයන් නැවතත් කැබිනට් එකට ඇතුලත් කල එකත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් නොදැනුවත්ව නොවේ.
ගොට්ටන්ටයි, මැට්ටන්ටයි, හොට්ටන්ටයි රජයේ ආයතන පවරාදීමෙන් රජයට ප්‍රශ්න වලින් ඇඟ බේරගන්න පුළුවන් වුණත් ඒක කෙටිකාලීන පිළිතුරක් පමණයි...!
අනිවාර්යයෙන් සිදුකළ යුතුයි. තෙල් එකේ ඉන්නේ හොරු. සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක් උපාධියක් ගත්ත කෙනෙක්ට වඩා වැඩ කරනවා. කන්තෝරුවේ තියෙන කොලේ පවා ගෙදර ගෙනියන අය ඉන්නේ. එහෙම අය ඉන්න තැන් පාඩුලබන එක අනිවාර්යයෙන් සිදුවිය යුතුයි. එහෙම නොවුණත් ඒක ලෝක පුදුමයක්..!