IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විමල්ගේ නායකත්වයෙන් නව සන්ධානය පිහිටුවීම හතර

(සුජිත් හේවාජුලිගේ )

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන සන්ධානයක් ලබන මස 4 වෙනිදා පිහිටුවන බව ස්වාධීන පක්ෂ එකමුතුව පවසයි.

නව දේශපාලන සන්ධානයේ නමද එදින ප්‍රකාශයට පත්කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදැක්වීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන්වූ සාකච්ඡා වට කිහිපයක් ස්වාධීන පක්ෂ එකමුතුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දිනවල පැවැත්විණ.

 



අදහස් (14)

විමල්ගේ නායකත්වයෙන් නව සන්ධානය පිහිටුවීම හතර

Prasanna Friday, 19 August 2022 08:46 AM

අපට සැබෑ නායකත්වයක් අවශ්‍ය වෙලා මෙක. ඹබ දෙශපාලන සන්ධානයට සුභ පැතුම්.

:       43       5

Kumara Friday, 19 August 2022 09:05 AM

මෙයා තවමත් පාඩමක් ඉගෙනගෙන නෑ.

:       2       27

Surain Friday, 19 August 2022 09:58 AM

කොටියගේ කැලේ මාරු වුණාට පුල්ලි තියෙන තාක්කල් කොටියා කොටියාමයි.. ජනතාව බලන් ඉන්නේ ඊළඟ ඡන්දෙදී නඩේටම පිළිතුරු දෙන්න.

:       1       35

Manoj Friday, 19 August 2022 10:15 AM

විමල් ජනපති, ගම්මන්පිල අගමැතිද?

:       1       13

ලමය Friday, 19 August 2022 10:26 AM

හොඳම පිළිගැනීම තමයි මේ 3 දෙනා අසූචිබාල්දි 3කින් නාවන එක...

:       3       38

ganegoda Friday, 19 August 2022 10:49 AM

තුම්මුල්ලෙ බෝක්කු සංවිදානයක්ද ?

:       0       34

Perera Friday, 19 August 2022 10:52 AM

අලුත් බෝතලේ පරණ කසිප්පු...!

:       1       34

de silva Friday, 19 August 2022 11:36 AM

අපට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එකක් මිස හොර දේශපාලුවන්ගේ පක්ෂ මාරුවක් නොවේ. මේ අවස්ථාවේ දේශපාලන පක්ෂ හදන එකේ කිසිම තේරුමක් නැහැ. දැන් ඔබලාට ඡන්දෙ ඉල්ලන්න තබා කොළඹ පාරේ බැහැලා ඇවිදින්නවත් බැහැ. මිනිස්සු බනිනවා. කොළඹින් වැඩිම වුණොත් මනාප 5000 ගනීවි.

:       0       25

පුරවැසියා.... Friday, 19 August 2022 11:38 AM

වැඩක් වෙයිද? අලුතින් පක්ෂ බිහිවෙනවා පමණි.

:       0       18

ජගත් ලියනගේ Friday, 19 August 2022 11:41 AM

ඔය කී වෙනි එකද? විමල් නේද ඔය කරන්නේ...?

:       0       21

ravin Friday, 19 August 2022 11:50 AM

බොහොම හොඳයි. ලෙමන් පෆුයි, තැඹිලියි ගේන්න ලෑස්තිවෙලා ඉන්නේ... හැබැයි ඉතින් උපන් දිනේ, පාස්පෝර්ට් වගේ දේවල් මතක හිටින තැනක තියලාම පටන් ගත්තොත් තමයි හොඳ...

:       0       17

podi mole Friday, 19 August 2022 01:51 PM

අලුත් සංධානයේ ලාංඡනයට ගෙම්බෙක්ව දාමු...!

:       0       11

ගමේ එකාලා Friday, 19 August 2022 05:11 PM

මරු මිනිහා නායකකමට පත් කරගෙන තියෙන්නේ? මෙයාගේ වාචාලකට නැත්නම් මෙළහකටත් ඇදගෙන ගිහිල්ලා. අලුත් සංධානේ ලකුණට කපුටා නැත්නම් නරියා හොඳයි...

:       0       0

Samantha Saturday, 20 August 2022 10:39 PM

පස්ස්පෝර්ට් හොරා අලුත් මුහුණක් දාගෙන ආවට මිනිස්සු රවටන්න බැහැ. හොරා හැමතිස්සේම හොයන්නේ කාටහරි කඩේ ගිහින් කීයක් හරි හොයාගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site