IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අරගලයට සහාය දුන් බ්‍රිතාන්‍ය තරුණිය සොයා මෙහෙයුමක්

(යොහාන් භාසුර)

අරගලයට සහය දැක්වූයේ යැයි චෝදනාවට ශ්‍රී ලංකාව නිකුත් කර තිබූ වීසා අවලංගු කළ බි්‍රතාන්‍ය ජාතික තරුණිය කෙලී ෆ්‍රාසර් සොයා ශ්‍රී ලංකා ආගමන හා විමගන දෙපාර්තමේන්තුවේ විමර්ෂණ කණ්ඩායමක් සහ බුද්ධි අංශ කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය අද (18) පස්වරුවේ පැවසුවාය.

ඇයගේ වීසා අවලංගු කර ඇති බැවින් තව දුරටත් ශ්‍රී ලංකාව තුළ රැදී සිටීමේ නීතිමය අයිතියක් නොමැති බවත් ඇය සොගෙන රටින් පිට කිරීමට නියමිත බවත් බණ්ඩාර මහත්මිය කීවාය.

ඇය මේ වන විට අතුරුදන්ව ඇති බව කී පියුම් බණ්ඩාර මහත්මිය ඇය පිළිබඳව කිසිඳු තොරතුරක් අද පස්වරුව දක්වා ලැබී නොතිබුණු බව ද සඳහන් කළේය. 



අදහස් (13)

අරගලයට සහාය දුන් බ්‍රිතාන්‍ය තරුණිය සොයා මෙහෙයුමක්

චන්දන Thursday, 18 August 2022 09:23 PM

අනිවාර්යයෙන් ත්‍රස්ත කල්ලිය ක සාමාජිකයකු විය හැකිය .

:       3       8

මැක්ස් Thursday, 18 August 2022 09:49 PM

ඇන්ජීඕ කාරයෙක්ගෙ ගෙදර හැංගිලා ඇති. ඇගේ අල ගිය මුල ගිය තැන් සොයා ගතහොත් "අරගලය" යැයි නාමකරණය කරන ලද රට අරාජික කිරීමේ ක්‍රියාවලිය පසුපස සිටි බළල් අත් සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එවිට, එය අරගලයකට වඩා පරගලයක් බව වැටහී යනු ඇත.

:       40       133

pakeer Thursday, 18 August 2022 10:31 PM

සුද්දව එළවා සුද්දගෙන්ම ණය ගන්න කාලකන්නි නිකම්මු.

:       82       29

Raja Friday, 19 August 2022 02:12 AM

රට හොරාකාපු හොරුන්ව හොහපල්ලා

:       4       8

Santhu Friday, 19 August 2022 03:37 AM

පසු ගිය දවසක අගලයේ කොහේහෝ සිටිය (චායාරූපයක) වගෙ මතකයි. ඒ ඇය ඇසුරු කල අයගෙන් විමසුවා නම් හරිනෙ

:       2       3

ලුම්බිණි Friday, 19 August 2022 04:59 AM

වීසා නැතුව කොච්චර මේ රටේ ඉන්නවද? ඒ අය අල්ලන්න උනන්දුවක් නැද්ද?

:       5       5

de silva Friday, 19 August 2022 08:55 AM

කොහේවත් ඉන්න සුද්දියක් පස්සෙ එලවමින් අනවශ්ය ප්‍රචාරයක් දේනව , ඊට පස්සෙ ජිනිව ගියහම, ගිහින් වැදල වන්දිත් ගෙවල සමාව ගනී, ලංකාවෙ වෙන හොරු නැද්ද අල්ලන්න

:       2       6

කිිරිපුතා Friday, 19 August 2022 09:01 AM

අර බෙන්ස් එකෙන් ගෙදර ගිය පුදුමාකාර විදිහට රටේ දූෂන ගැන කැක්කුමක් පෙන්වපු ⁣එක්කෙනාගෙ ගෙදරද දන්නෙ නෑ. මොකද දෙන්නම කොටි ඒජන්තවරු.

:       4       4

මහී Friday, 19 August 2022 10:03 AM

එන්.ජී.ඕ. කාක්කන් හංගාගෙන ඇති... මාර ඉල්ලමක්නේ..!

:       4       6

Prase Friday, 19 August 2022 10:21 AM

සියලු ශ්‍රී ලංකා ජනතාව අවදියෙන් සිටිය යුතුයි. මෙ ත්‍රස්ථ ගැහැනිය අල්ලන්න උපරිම සහය පොලිසියට ලබා දිය යුතුමයි.

:       5       6

Prase Friday, 19 August 2022 10:23 AM

ලංකාවේ තරුණයින් 5 දෙනෙක් පැනලා ගිහින්...!

:       0       3

de silva Friday, 19 August 2022 03:00 PM

මිනීමැරුම් වලට සහ කප්පම් අරන් උසාවියෙන් වැරැදිකරු වෙච්ච, පුද්ගලයින් පාර්ලිමේන්තුවේ වැඩිවෙලා ඉන්නේ රටේ... , උද්ඝෝෂණය කරපු මේ සුද්දිව හොයන එක ලොකු විහිළුවක්.. මෙයත් ලොකු කොමිස් පාරක් ගහලා ලොකු වංචාවක් කළා නම් ගොඩේ ගොඩ...

:       0       0

පිටරැටියා Friday, 19 August 2022 03:19 PM

පහුගිය කාලේ බර්මිංහැම් වලට ආපු ලන්කාවේ කීප දෙනෙකුත් මේ වෙනකොට අතුරුදහන් වෙලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site