IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති ජපානයෙන් කළ ඉල්ලීම

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පැමිණෙන ලෙස චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දුන් ප්‍රධාන රටවල්වලට ආරාධනා කරන්නැයි ජපානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඊයේ(18) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට ලබා දුන් ණය, ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි කවුරුන් හෝ ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ණය ලබා දුන් ප්‍රධාන රටවලට ආරාධනා කළ යුතු බවත් එසේ සිදු කරන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලා සිටින බවත් එම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

තමන් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා මුණගැසීම සඳහා සැප්තැම්බර් මස ජපානයේ සංචාරයක නිරත වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා වලට අනුව 2020 වසරේ අවසාන වන විට ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 6.2 ලෙස සටහන් වන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

ජපානය ක්වාඩ් රටක් වන නිසා චීනය හැර ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ණය ලබා දුන් ඉන්දියාව ඇතුළු අනෙකුත් ප්‍රධාන රටවල් එක් මේසයකට රැගෙන ආ හැකි බව විශ්ලේෂකයෝ පවසති.

ශ්‍රී ලංකාව චීනය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් මේ දක්වා චීනයෙන් ලැබුණු ප්‍රතිචාර ධනාත්මක බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සමඟ නිලධාරී මට්ටමේ ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අගෝස්තු මස අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

 



අදහස් (1)

ජනපති ජපානයෙන් කළ ඉල්ලීම

Hafeel Friday, 19 August 2022 01:50 PM

හැබැයි එනකොට නම් කිව්වේ එහෙන් මෙච්චර ලැබනවා, මෙහෙන් මෙච්චර ලැබෙනවා... අතේ දැනට මෙච්චර තියෙනවා කියලා. දැන් තත්වය සාකච්ඡා මට්ටමට පල්ලම් බැහැලා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site