(සුජිත් හේවාජුලිගේ )
අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර හැත්තෑවක් දක්වා වැඩි කිරීමට කටයුතු කරගෙන යන බව දැනගන්නට ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය.
මෙය ජනතාව බලාපොරොත්තු වන තත්ත්වයක් නොවේ යැයි පැවසූ මන්ත්‍රීවරයා අමාත්‍යාංශය වැඩිකිරීමෙන් ජනතා විශ්වාසය තහවුරු නොවන බවද සඳහන් කළේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ස්ථාවරය ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් ඇමති ධුර බාර නොගෙන ආණ්ඩුවේ යහපත් කටයුතුවලට සහාය දීම පක්ෂයේ බලාපොරොත්තුව බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය ආණ්ඩුවේ යහපත් කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු හරහාද සහාය ලබා දෙන බව අලවතුවල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට ලැබුණා කියලා මෙහෙමත් කරනවාද? වසර 40ක් පස්සට ගිහින් නතර වෙයිද මන්දා...? ටිකට් එක ලැබෙයි මෙයාටත්...
රනිල්ට කඩේගිය සෙට් එකකුත් ඉන්නවනේ... එයාලටත් ඇමැතිකමක් එහෙම ලැබෙයිනේ....?