IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කැළණිවැලි දුම්රිය මාර්ගයට බිලිවන නිවාසවලට ‘මාලපල්ලෙන් නිවසක්

(යොහාන් භාසුර)

කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වන ජනතාව වෙනුවෙන් ඉදිවන ‘මාලපල්ල’ මහල් නිවාස ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිරීක්‍ෂණය කළේය.

කැලණිවැළි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මරදාන සිට පාදුක්ක දක්වා දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පිරිස් එම ස්ථානවලින් ඉවත් කර ඔවුන්ට වෙනත් සුදුසු ස්ථානවල නිවාස ලබාදීමේ වැඩසටහනක් ප්‍රවාහන අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති බවත් මෙම ව්‍යාපෘතිය යටතේ නව නිවාස 120ක් කොට්ටාව - මාලපල්ල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බවත් ප්‍රවාහන අමාත්‍යංශය කියයි.

නිදන කාමර දෙකක්, විසිත්ත කාමාරයක්, මුලුතැන්ගෙයක්, නාන කාමර ඇතුළු සියළු පහසුකම් සහිත නිවසක් තෝරාගත් නිවාස අහිමි පවුලක් වෙනුවෙන් හිමිවන බව කී ප්‍රවාහන අමාත්‍යංශය එහි ඉදිකිරීම් 2023 වසරේ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.
එම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. බී. එස්. ඊ. පී. ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.

 

 



අදහස් (3)

කැළණිවැලි දුම්රිය මාර්ගයට බිලිවන නිවාසවලට ‘මාලපල්ලෙන් නිවසක්

දාස Friday, 19 August 2022 05:33 AM

නිරික්ෂන කරන එකාගෙ නම දැක්කම කියවන්න එපා වුනා

:       0       0

swene Friday, 19 August 2022 07:46 AM

අනවසර පදිංචිකරුවන්ට නීත්‍යානුකූලව වැඩකරන අයගේ බදුමුදලින් ලබාදෙන නියම දඬුවම..! ඡන්දය බලාගෙන කරන වැඩ...!

:       1       3

Ajith Friday, 19 August 2022 11:25 AM

අනවසරයෙන් රජයේ ඉඩම්වල පදිංචිවෙලා ඉන්න අයට ජනතාවගේ බදුමුදල් වලින් නිවාස දෙනඑක බදු ගෙවන්නන්ට කරන අසාධාරණයක්...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site