කෝටි 17ක රත්තරන් තොගයක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් කෝටි 17 ක් වටිනා කිලෝ ග්රැම් 08 යි ග්රැම් 500 ක් බරැති රත්තරන් තොගයක් , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකු, කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (30) දින උදෑසන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය .