කෝටි ගණනක ගජමුතු සමග අටක් සැකපිට රුපියල් කෝටි ගණනක් වටිනා ගජමුතු හතක් විකිණිම සදහා මාතලේ ප්‍රදේශයට රැගෙන ආ කණ්ඩායම් දෙකක පුද්ගලයන් අටදෙනකු මාතලේ මාදිපොලදි සහ මාතලේ නගරයේදි මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 October 2022
වැටුප ගැන බය වෙන්න එපා රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගෙවීමේ හැකියාවක් රජයට නොමැති බවට පළවන තොරතුරු අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. 03 October 2022
කෝප්රල් වැරදි වැඩක් කරලා මාට්ටු මැදවච්චිය ගල්කඩවල රජයේ රක්ෂිතයේ ගල් තලාවක නිධානයක් ගැනීමට උත්සහ කළ යුද හමුදා කෝප්රල්වරයකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි. 02 October 2022
ආහාර හිඟයට තෙල්-උද්ධමනයත් හේතුවක් උද්ධමන අනුපාතය සහ පවතින ඉන්ධන හිඟය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට දිගින් දිගටම තර්ජනය කරන බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ප්‍රකාශ කළේය. 02 October 2022
ජනපති කුරුණෑගල රදගුරු හිමි බැහැදකී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරු තුමා අතර හමුවක් අද (02) පස්වරුවේ සිදු විය. 02 October 2022
වෛද්‍යවරුන් 60 ගෙදර යැවීම හොඳයි සෙසු රාජ්‍ය සේවකයන් මෙන්ම වෛද්‍යවරුන් ද වයස 60 දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන ඇති තීරණය වඩාත් හොඳ තීරණයක් බවත් එය තරුණ වෛද්‍යවරුන්ගේ වෘත්තිය අනාගතයට වඩා සුබදායි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (2) පැවසීය. 02 October 2022
ජාතික සභාවට නැති පක්ෂවලට ශ්‍රී.ල.නි.ප ආචාරය ජාතික සභාවට සහභාගීවීමෙන් වැලකී සිටි සියලු සහෝදර දේශපාලන පක්ෂ වෙත ආචාරය පුදකර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. 02 October 2022
75 වන නිදහස සමරා දුප්පතුන්ට නිවාස 2000ක් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000ක් එළඹෙන 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 02 October 2022
හෙටත් පැය දෙකක් විදුලිය කපයි පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (3) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පස්වරුවේ පැවසීය. 02 October 2022
සංස්ථා අරක්කු මිල නගී සංස්ථා මත්පැන් මිලිලීටර් 750 ක් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150 කින් ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියක් පැවසීය. 02 October 2022
ජාතික සභාවේ මීළග රැස්වීම 6 වැනිදා ’’ජාතික සභාවේ’ මීළග රැස්වීම ලබන 6 වැනිදා සවස 3.00ට පැවැත්වීමට තීරණය කර ඇත. 02 October 2022
සනීපාරක්ෂක තුවා ආනයනික අමුද්‍රව්‍ය බදු ඉවතට කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත. 02 October 2022
අයිස් ප්‍රශ්නයකට සිහි නැතිවන තෙක් පහරදී මග දමා ගිහින් පුද්ගලයකු පැහැර ගෙන ගොස් තැන තැන රඳවා අමානුෂික ලෙස පහරදී සිහිවිසඥ වීමෙන් පසු මහමග දමා ගිය මැර කල්ලියක සාමාජිකයින් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 02 October 2022
බලශක්ති ඇමති කංචන ‘පෙට්‍රොචයිනා’ සමග සාකච්ඡාක් ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම ඛනිජ තෙල් සැපයුම්කරුවකු වන ‘පෙට්‍රොචයිනා’ සමාගමේ නිලධාරීන් සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ සාකච්ඡාවකට සහභාගි විය. 02 October 2022
ශ්‍රීලනිපයේ සමහරුන්ට හැදෙන ලෙඩක් ගැන මෛත්‍රී කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරුන්ට අසනීපයක් ඇති බවත් තනතුරු නොමැතිව ජීවත්වීමට නොහැකිවීම ඒ අසනීපය බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 02 October 2022
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට වෙනම කාර් ය සාධක බළකායක් මත්ද්‍රව්‍ය ගෙන්වීම බෙදාහැරීම අලෙවිය සහ භාවිතය නැවැත්වීම සඳහා නව විශේෂ කාර්ය සාධක බලකායක් පත් කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 02 October 2022
මත්ලෝලීන් මාස තුනෙන් ගෙදර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්ගේ නේවාසික පුනරුත්ථාපන කාලසීමාව රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් උපරිම වශයෙන් මාස තුනකට සීමා කිරීමට රජය තීරණය කර ඇත. 02 October 2022
ත්‍රීරෝද ගාස්තු පහත දාන්න කොන්දේසියක් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් පහත දැමීම පිළිබඳව අවධානය යොමුකර ත්‍රීරෝද රථ ගාස්තු පහත දැමීමට හැකියාව ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 02 October 2022
අගමැති කොයිකා සමග අලුත් ගිවිසුමකට කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් මධ්‍යම හා ඌව පළාත්වල ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා වන ගිවිසුමකට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ දකුණු කොරියානු සහයෝගීතා ඒජන්සියේ ප්‍රධානීහු (KOICA) එම අමාත්‍යංශයෙදී පසුගියදා අත්සන් තැබූහ. 02 October 2022
සිගරට් මිල 5 කින් නගී ගෝල්ලීෆ් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් යන සිගරට් වර්ග දෙකෙහි සිගරට්ටුවක මිල රුපියල් 5 කින් වැඩි කර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි 02 October 2022
ඇමෙරිකාවෙන් බිලියන 4කට අධික ඖෂධ සහ වෛද්‍ය ආධාර ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමෙරිකාවේ මානුෂීය ආධාර සපයන සංවිධාන සමග එක්වී ජූලි මස සිට ඔක්තෝම්බර් මස දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 12 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 4.6)කට ආසන්න වටිනා කමින් යුත් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 02 October 2022
දර්ශන් ධර්මරාජ් දිවි රඟ මඬලෙන් සමුගනී ප්‍රසිද්ධ රංගන ශිල්පියකු වන දර්ශන් ධර්මරාජ් මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. 02 October 2022
රාජ්‍ය සේවකයන්ගේ වැටුප කපන්නේ නෑ රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් අඩක් පමණක් ගෙවන බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය 02 October 2022
ලක්ෂයක් එක පැත්තක හිටියත් හිට ගන්නෙ නිවැරදි පැත්තෙ රටේ සංවර්ධනය වෙනුවෙන් ජ.වි.පෙ. පෙරටුගාමී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොහොට්ටුව වැනි ඕනෑම දේශපාලන පක්ෂයක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 02 October 2022
තිස්සමහාරාමයේ පුරාණ වැව් දෙකකට පණ දෙයි තිස්සමහාරාමයේ පුරාණ වැව් දෙකක් වන ගල්පියස්ස වැව හා පතහවැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 02 October 2022
දුම්රියේ හොරෙන් ගිය 129කට වැඩ වරදියි කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් සැප්තැම්බර් මාසයේදී ප්‍රවේශපත් නොමැතිව ගමන්ගත් මගීන් 129 දෙනෙකුගෙන් දඩ මුදල් අයකර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 02 October 2022
කුරුණෑගල ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට කුරුණෑගල නගරයේ ව්‍යාපාරික ස්ථානයක් තුළදී මොට ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයා ඝාතනය කොට ඔහුගේ ගෙල බැඳි රන් මාලය සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි. 02 October 2022
හොරුන්ට තැබූ වෙඩිල්ල වැදී බසයේ ගිය කාන්තාවක් මරුට කුඩා වෑන් රථයකින් පැමිණි හොරු කණ්ඩායමක් අද (2) පාන්දර දංඕවිට නගරයේ මත්පැන් අලෙවි හලක් කඩා මත් පැන් සොරා ගෙන යාමට උත්සාහ ගත් අවස්ථාවේ ඔවුන් මෙල්ල කර ගැනීම සඳහා පොලීසිය විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක සිටි විසි නම හැවිරිදි අවිවාහක කාන්තාවක වෙඩි වැදී බරපතළ තුවාල ලබා ඇය වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන අතරමගදී මිය ගොස් ඇතැයි පොලිසිය කීය. 02 October 2022
නොරොච්චෝලේ තෙවැනි යන්ත්‍රය නැවතත් ජාතික පද්ධතියට නොරොච්චෝල විදුලි බලාගාරයේ තුන්වෙනි විදුලි ජනන යන්ත්‍රය අළුත්වැඩියාවෙන් පසුව නැවතත් ජාතික විදුලි පද්ධතියට එක්කළ බව විදුලිබල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 02 October 2022
පළාත් කිහිපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 October 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026