IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට වෙනම කාර් ය සාධක බළකායක්

 

(නිමන්ති රණසිංහ)

මත්ද්‍රව්‍ය ගෙන්වීම බෙදාහැරීම අලෙවිය සහ භාවිතය  නැවැත්වීම සඳහා නව විශේෂ කාර්ය සාධක බලකායක් පත් කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ තරුණ පරපුර විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතයෙන් වළක්වා ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡාවකට එක්වෙමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන්ද  මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පුද්ගලයන් විශාල වශයෙන් වැඩිවීම නිසා බන්ධනාගාර වල ඇතිවී තිබෙන තදබදය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

මෙම සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය  අනුරාධ ජයරත්න, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරුන්ද  අධිකරණ, ආරක්ෂක,සෞඛ්‍ය යන අමාත්‍යාංශවල උසස් නිලධාරීන්  පොලිස් ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.



අදහස් (3)

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට වෙනම කාර් ය සාධක බළකායක්

""" මත් දීපය """ Sunday, 02 October 2022 03:22 PM

මත්ද්‍රව‍්‍ය රට වටේටම රෑට යාත්‍රාවෙන එක ගැන කුමන කතාද..? රෑට නයිට් ක්‍ලබ්වල පාවිච්චි වෙනහැටි හොයලා බලන්නකෝ..! ඒ වගේම සුද්දෝ ගැවසෙන ස්ථානවල අපේ අයගේ භාවිත‍ය ගැන දැකපු සුද්දන් පුදුම වෙනවා. රට මත්ද්‍රව‍්‍ය දීපයක් වෙලා කියලා..!

:       0       0

CC Monday, 03 October 2022 09:19 AM

ඉතාමත් කාලෝචිත විශිෂ්ඨ ක්‍රියාවකි. නමුත් මෙය ඉටුකර ගැනීමට ඉතාම ප්‍රභල බාධකයක් තිබේ. එනම් පොලිස් නිලධාරින් මෙම අයවළුන්ව ආරාක්ෂා කරන බැවින්... මෙය කිරීමට ප්‍රථම ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් ඇතිකිරීමට පෙර පූර්ණ බලැති බුද්ධි අංශයක් ඇතිකර ඒකී දූෂිත නිලධාරීන් වැටලීමට හා නිසි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගතයුතුවේ. නිසි දඬුවම් දියයුතුවේ.

:       0       0

dhamneth Monday, 03 October 2022 01:27 PM

පසුගිය කාලයේ විශාප මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. මෙම මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශකර දමන්න..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site