පළාත් කිහිපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 October 2022
127 ක් තෙරපිලා මැරිලා ඉන්දුනීසියාවේ නැගෙනනහිර ජාවා ප්‍රාන්තයේ පාපන්දු ක්‍රීඩාංගනයක හටගත් තෙරපීමකින් 127 දෙනකු මියගිය බවත්, 180 කට වැඩි දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. 02 October 2022
ඉපැරණි බෞද්ධ විහාරයක නටබුන් ඉන්දියාවෙන් හමුවෙලා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වන රක්ෂිතයකින්, වසර 1,500 කට වඩා පැරැණි පුරාණ බෞද්ධ විහාරයක නටබුන් සොයාගත් බව ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 October 2022
අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව අවලංගු කරයි කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. 01 October 2022
පාපැදි 38 ක් ඉස්සූ අයෙක් ගම්පහින් අල්ලයි සොරකම් කරන ලද පාපැදි 38 ක් සමග ගම්පහ , ඔරුතොට ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 01 October 2022
පෙට්‍රල් මිල අඩුවෙයි පෙට්‍රල් මිල අද (1) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 01 October 2022
නිවසක් තුළ අඹුසැමි යුවළක් පිලිස්සී මරුට යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී නිවසක කාමරයක් තුළ තුල අඹු සැමි යුවලක් වුණු පිළිස්සී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 01 October 2022
’කොළඹ - නුවර’ සති අන්ත සැප දුම්රියක් අද සිට ’කොළඹ - නුවර’ ඔඩිසි නමින් නම් කල කොටුව මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක් අද සිට ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1)ආරම්භ කෙරිණි 01 October 2022
සමාජ ආරක්ෂණ බද්ද අය කිරීම අද සිට පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද(1) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. 01 October 2022
කොළඹ පිරවුම්හලට එල්ල වූ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා මහජන උපයෝගීතා කොමිසම, කිරීම් මිනුම් දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණික ආයතනය එක්ව කළ පරීක්ෂණයේදී කොළඹ 7 ඉන්ධන පිරවුම් හල වංචාවක් කර ඇතැයි එල්ල වන චෝදනාව කිසිසේත්ම පිළිනොගන්නා බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසීය. 01 October 2022
’’රටේ ඉහළ මන්දපෝෂණ තත්වයක් නෑ’’ යම් යම් පුද්ගලයන් ප්‍රකාශ කරන ආකාරයේ ඉහළ මන්දපෝෂණ තත්වයක් රටේ තවමත් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 01 October 2022
පුටින්ගේ තර්ජනවලට අපි බය නෑ ඇමෙරිකාව ඇතුළු රටවල් රුසියාවට පහර දුන්නොත්, රුසියාව එම රටවල සෑම අස්සක් මුල්ලක්ම ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කරනවා යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශය ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ උදහසට ලක් වී ඇත. 01 October 2022
නාවික හමුදාව අනතුරට පත් යාත්‍රාවක සිටි 35 දිවි දෙයි කල්පිටිය ජෙටියේ සිට බත්තලංගුන්ඩුව බලා මගීන් ප්රවාහාය කරණු ලබන යාත්‍රාවක් කල්පිටි මුහුද්ද මැදදී අද (01) මධ්යනයේ අනතුරට පත්ව ඇති අතර කල්පිටිය නාවික හමුදාව මැදිහත්ව මගින් සියලු දෙනාව නිර්පද්‍රිතව බේරා ගෙන ඇත. 01 October 2022
’’මවුපියන්ට අනවශ්‍ය බර එපා’’ අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරන පාසල් ගාස්තු හැර ළමා ගුරු දින ඇතුළු විවිධ උත්සව සඳහා දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් මුදල් එකතු කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පාසල් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. 01 October 2022
ඉහළ ගුණාත්මයෙන් යුත් ත්‍රිපෝෂ අඛණ්ඩව ලබාදෙනවා මෙරට දරුවන් හා මව්වරුන්ට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 01 October 2022
බඩු මිලට එරෙහිව පොහොට්ටුවේ පිරිසක් සටනට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කර ජනතාවට සහන සැලසීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉතා දැඩි ඉල්ලීමක් කිරීමට සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ. 01 October 2022
ගත්තු බෙහෙත්වලට කෝටි 428ක් ගෙවා නෑ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දේශීය වෙළඳපොළෙන් ඇණවුම් කර තිබූ ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් වෙනුවෙන් සැපයුම්කරුවන්ට සහ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි 428 ක පමණ මුදලක් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 01 October 2022
ලක්ෂ දෙකකගේ රැකියා මකර කටේ විදුලි මිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවක සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. 01 October 2022
ළමයින්ට හා වැඩිහිටියන්ට යුතුකම් ඉටු කරන බව ජනති කියයි රටේ සියලූම දරුවන් නිසි කැලරි ප්‍රමාණය අඩංගු සමබල ආහාර වේලක් ලබාගන්නා බව සහතික කිරීම, රාජ්‍ය නායකයා වශයෙන් තම යුතුකම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි. 01 October 2022
අවියක් රැගෙන හමුදාවෙන් පැන්න සෙබළා මාට්ටු යුද හමුදාවට අයත් පිස්තෝලයක් සමග හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකු ඇහැලියගොඩ මින්නාන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත. 01 October 2022
පළාත් කිහිපයකට තරමක් තද වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 October 2022
ජාතික කාලගුණික සැලැස්ම රටේ සංවර්ධනයට යොදා ගන්න සාකච්ඡාවක් ජාතික කාලගුණික සැලැස්ම මෙරට සංවර්ධනයට දායක කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 01 October 2022
පළාත් සභා ලොක්කන්ගේ දීමනා කපයි පළාත් සභාවල සභාපතිවරුන්ගේ වාහන සහ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා සීමා කිරීමට රජය තීරණය කර ඇත. 30 September 2022
දෙවැනි ගල්අඟුරු ඇනවුමට අත්තිකාරම් ගෙවයි විදුලි ජනනය සඳහා අවශ්‍ය දෙවැනි ගල්අඟුරු ඇනවුමට අත්තිකාරම් මුදල් අද (30) ගෙවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පස්වරුවේ පැවසීය. 30 September 2022
අවිස්සාවේල්ල මාර්ගයේ කොටසක් හෙට වැසේ කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ජල නල එලීමේ කටයුතක් හේතුවෙන් වැල්ලම්පිටිය හන්දියේ සිට කොටිකාවත්ත හන්දිය දක්වා කොටස හෙට (1) රාත්‍රී 10.00 සිට අනිද්දා පස්වරු 5.00 දක්වා වසා තබන බව අපරාධ හා රථවාහන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 30 September 2022
සති අන්තයෙත් දිනකට පැය දෙකක් විදුලිය කපයි පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව සති අන්තයේත් එනම් හෙට සහ අනිද්දා (1 සහ 2) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පස්වරුවේ පැවසීය. 30 September 2022
’’අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ’’ ලෝක දේශපාලන එදිරිවාදිකම් වලට මුහුණ දීම සඳහා සැලසුම් සකස් නොකළොත් පළමු ලෝක සංග්රාමයෙන් පසු යුරෝපයේ වුවා සේ ආසියා කලාපයත් අස්ථාවර වී අසාර්ථක වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ දී පැවසීය. 30 September 2022
ළමා පාර්ලිමේන්තු සංසදයෙන් අලුත් වැඩක් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරිමට බලාපොරොත්තු වෙන බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය. 30 September 2022
පුනරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනියි: මරික්කාර්ගෙන් පෙත්සමක් පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සදහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත. 30 September 2022
කෝප්, කෝපා පත්කිරීම සඳුදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) සඳහා පත් කෙරෙන සාමාජික මන්ත්‍රීවරුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී ලබන 3 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 30 September 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026