(සුජිත් හේවාජුලිගේ )
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කර ජනතාවට සහන සැලසීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉතා දැඩි ඉල්ලීමක් කිරීමට සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.
ජනාධිපතිවරයා මෙරටට පැමිණී වහා එම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පැවසීය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කර ජනතාවට සහන සලසන ලෙස හිටපු අමාත්‍ය විමලවීර දිසානායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචි යන මහත්වරු ජනාධිපතිවරයාගෙන් පසුගියදා විශේෂ ඉල්ලීමක් කළහ.
ජගත් කුමාර මහතා එම ඉල්ලීම කළේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමිනි. විමලවීර දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම් දෙකකදී එම ඉල්ලීම කර තිබිණ.
එසේම ජනතාවගේ වී මිලදී ගැනීම සඳහාද විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස විමලවීර දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් දැනටමත් ඉල්ලා ඇත.
මේ අතර භාණ්ඩ මිල අසීමිත ලෙස වැඩි කරන ව්‍යාපාරික මාෆියාව පරාජය කිරීම සඳහාද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලමේන්තුව විසුරුවලා අලුත් ඡන්දයකට ගියා නම් ජනතාව කැමති කෙනෙක් පත්කරගනීවි. එවිට විදේශ ශ්‍රමිකයන් මුදල් එවාවි. ආයෝජකයෝ ඒවි. ආර්ථිකය නැවත ගොඩයාවි.
පාර්ලමේන්තුවේ බහුතරය තිබෙන්නේ පොහෝට්ටුවට. ඔබලා එකතුවෙලා සුදුසු වැඩ පිළිවෙලක් හදලා පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්න. බොරු පුවත් මවන මාධ්‍ය සංදර්ශන වලින් වැඩක් නැහැ.
පොහොට්ටුව කියලා එකක් දැන් ඉතුරුවෙලා තියෙනවැයි...?
එතකොට දැන් මේ ඉන්න ජනාධිපතිවරයා හොරාකාපු නිසාද බඩුමිල වැඩි වුණේ.
කිඹුල් කඳුළු... ඉස්සෙල්ලාම හොරාකෑම නතර කරපල්ලකෝ..! ව්‍යාපාරිකයෙක් ගෙවන සන්තෝසම් නැවත ලබාගන්නේ පාරිභෝගිකයින්ගෙන් මිස හොරකම් කරන අයගේ අම්ම, අප්පගෙන් නොවේ...
යකුනේ තොපිලාගේ මහ එකාල රටම කෑවම දුවන කෝච්චියට බෙල්ල තියල යන්තමින් කෝච්චිය බ්‍රේක් කරපු එකා මොනවා කරන්නද තොපිලාගේ මහ එවුන් කල වැරදි වලට පිළිතුරු දෙන්න කියලා උන්ට කියපල්ලා 69 ලක්ෂයක් ගත්තු එකාට බැරිදේ රනිලා කොහොම කරන්නද
කිසිම ජනවරමක් නැති, ජනතාව ප්‍රතික්ෂේප කල සහ ඔයාල පත් කල ජනාධිපතිට පොඩ්ඩක් මතක් කරන්න, ඔහු ජනතාවට තුන් වේල කන්න දෙනවයි කියල ආව කියල. ජනාධිපති වුනෙන් පසු ඔහුට ඕක අමතක වෙලා. තවද ඔයාල මේ කරන්නේ හොරාගේ අම්මගෙන් පේන ඉල්ලන්න වගේ වැඩ.
රනිල්ට බැහැ කියලා අවුරුදු 10 කට වඩා කාලයක් ඔබලා රටපුරා වේදිකාවල කිය කියා ඇවිද්දා, පොස්ටරුත් ගැහුවා. නමුත් ඔබලා සියලු දෙනාම එකතු වෙලා බැරි එකා ජනාධිපති කරගත්තා. දැන් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා. වයසට ගිය රනිල් කොහොමද ඔය ඔක්කොම කරන්නේ ? රනිල්ව පුළුන් මළ ගෙවල්, දාන ගෙවල් පිරිත් ගෙවන් වල නම් යවන්න.
ඔබලාගේ පාර්ශ්වයේ හිටපු සාධාරණ මනුස්සයෙක් ලෙස පක්ෂ විපක්ෂ බහුතරයක් පිලිගන්න මහාර්ය චරිත හේරත් ජනාධිපති කරගත්ත නම් ඔහුට යම්කිසි කාර්ය භාරයක් කරන්න තිබුණා. හැමදාම පැරදුන ෆේල් මිනිස්සු කොහොමද මේවා කරන්නේ.
බහුජාතික/දේශීය සටකපට බූවල්ලගෙ අඩුකඩලා දැමිමොත් අසරණයින්ට හුස්ම ගන්න ඇහැක් වෙයි.ඒක කරන්න නමෝ විත්තියෙන් පෙල ගැහෙන්න පියවර මනින එක හැරෙන්න විකල්පයක් තියේද?
ඔයාලගේ ජගත් කුමාර නේද මීට ටික කාලෙකට ඉස්සෙල්ලා කිව්වෙ ජනතාවට වේලක් ඇර වේලක් කන්න කියලා. ඉහේ ඉඳන් මුන්ව පටට ගහන්න ඕන එවුන්.
දැන් එහෙනම් පොහොට්ටුවේ අයත් විපක්ෂයේද ඉන්නේ..? නිකන් පච වෙන්නේ නැතිව කට්ටියම තොලොංචි වෙලා යන්න...
මේ අයට ලබන වසරේ ඡන්දය මතක්වෙලා වගෙයි. ජනාධිපතිවරයාට ඡන්දය තිබ්බොත් වාසිදායකයි. එජාප මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්....