(නිමන්ති රණසිංහ)
අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරන පාසල් ගාස්තු හැර ළමා ගුරු දින ඇතුළු විවිධ උත්සව සඳහා දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් මුදල් එකතු කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පාසල් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් 2015/5 චක්‍රලේඛය නිකුත් කර ඇති බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා මවුපියන් දැඩි ආර්ථික අපහසුතා මැද සිටින අවස්ථාවක ඔවුන් මත අනවශ්‍ය බර පටවමින් කටයුතු නොකිරීමට විශේෂයෙන් විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බවද ප්‍රකාශ කළේය.
පාසල් දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් විවිධ ආකාරයේ මුදල් ඇයි කිරීමේ සිද්ධීන් ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල තොරතුරු අනාවරණය කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Can i know how much annual school fee in government, Because in this year they have ask from my child 2000 rupees....Also they are not issuing receipt as per amount.
ගුරු දින, ළමා දින නෙවෙයි. අපි දන්නා විදියට පාසල්වල එදිනෙදා කටයුතු කරගෙන යන්න විදියක් නැහැ. ආණ්ඩුව මුදල් දෙන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ සේවක පඩි දෙන එක විතරයි..