
(රේඛා තරංගනී ෆොන්සේකා)
'කොළඹ - නුවර' ඔඩිසි නමින් නම් කල කොටුව මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක් අද සිට ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1)ආරම්භ කෙරිණි
අද උදෑසන හයයි තිහට පළවෙන් වේදිකාවෙන් ගමන් ඇරඹි මෙම දුම්රිය පෙරවරු 9:18 ට මහනුවරට ලගා වීමට නියමිත අතර නැවත මහනුවරින් සවස 4.50ට පිටත් වී රාත්‍රී 7.40ට කොළඹ කොටුවට ළගාවීමට නියමිතය.
සෙනසුරාදා සහ ඉරිදා දෙදින නව දුම්රිය ධාවනයට එක් කරනු ලැබුවේ, දෛනික ව වැඩි වන මඟී අවශ්‍යතා අනුව බව අමාත්‍යවරයා, පැවසීය.
මෙහි මිල ගණන් පළමු පන්තියේ ආසනයක් රුපියල් 2000කටත් දෙවැනි පන්තියේ ආසනයක් රුපියල් 1500ක ලෙසත් පනවා ඇත.
මහනුවර දළදා මාලිගාව වන්දනා කිරීමට සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට මෙන්ම මහනුවර නගරයේ සිරි නරඹන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සඳහා මෙම දුම්රිය යොදවා ඇත .
කොළඹ නුවර ඔඩිසි දුම්රිය වේයන්ගොඩ ගම්පහ, පේරාදෙනිය සරසවි උයන නුවර නවත්වනු ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කලයුතු වැඩක්. මේ කොච්චි වල ගමන් කරන අය ඒවාට හානි වන ආකාරයට පාද ආසනමත තබාගෙන ගමන් කිරීම, දුම්රිය පෙට්ටි අපවිත්‍ර කිරීම, අප ද්‍රව්‍ය බිමට දැමීම වගේ නොමනා කම් කලොත් මතක ඇතුව කන් දෙකම රත්වෙන කල් තලන්න. නැතුව මේ රට හදන්න බැහැ.