
(නිමන්ති රණසිංහ)
යම් යම් පුද්ගලයන් ප්‍රකාශ කරන ආකාරයේ ඉහළ මන්දපෝෂණ තත්වයක් රටේ තවමත් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ආහාර උද්ධමනය හේතුවෙන් පවුලක ආහාර ගැනීමේ රටාවේ වෙනස්කම් ඇතිවී තිබෙන්නේ යැයි පිළිගන්නා බව සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි නරක ප්‍රතිඵල වර්තමානයේ නොව ඉදිරියට පැමිණිය හැකි බවද ප්‍රකාශ කළේය.
ඉදිරියට එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද සඳහන් කළේය.
ආහාර වේලක වෙනස්කම් හේතුවෙන් රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය කඩාවැටී ඉහළ මන්දපෝෂණ තත්වයක් එකපාරටම මතුවේ යැයි විශ්වාස කළ නොහැකි බවත් සියයට 85 ක මන්දපෝෂණ තත්වයක් ගැන සමහරුන් කියන කතා අමූලික බොරු බවත් රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑයි කියන්නේ ඉතින්. මන්ද මානසිකයෝ තමයි.
මෙයත් ඔහේ කියවනවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. දැන් පහුගිය සුමානේ කිව්වා මේ ගැන දත්ත හොයනව කියලා. දැන් කියනවා මන්ද පෝෂණයක් නැහැලු.
ඔව් එහෙම ප්‍රශ්න නැත්තේ මාසෙකට මිලියනක විතර පෙට්රෝල් හා අනෙකුත් සැප ලැබෙන ඇමතිලාට වෙන්න. සාමන්යෙන් මාසෙකට 30000-40000 පඩි ගත්තු මිනිස්සු ,ගෙවල් වල ලයිට් බිල්, වතුර බිල් ගෙවල , බයිසිකලේට පෙට්රෝල් ටික ගහල /බස් එකේ යන්න වියදමට වෙන්කරලා ඉවර උනහම ඉතිරි වෙන සොච්චමෙන් ළමයි ඉස්කෝලේ යවන්න , කන්න බොන්න දෙන්න කන කට්ට මුන්ට තේරෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ ගම් වල ළමයි අලුතෙන් ඉස්කෝල වලට එයිද නොඑයිද කියල වුනත් ප්‍රශ්නයක් තියෙනවා. පොත් පත් , ඇඳුම්, පාසල් ගමනට මුදල් සියල්ල ඉතා අධිකයි. මේ තත්වය මැදපන්තියේ මිනිස්සුන්ටත් දරුණුවට දැනිල තියෙනවා. අඩුම ගානේ ඩීසල් මිල අඩු කරල ප්‍රවාහන ගාස්තු අඩු කරලා ඒ හරහා කෑම බීම වල මිල යම් පමණකට පාලනයක් කරන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ. පිට පලාතකින් ඇවිත් කොළඹ වැඩ කරන මිනිහෙක්ට දවසකට අවම වශයෙන් 700-800 ක් නැතිව ජීවත් වෙන්න අමාරුයි .ඉතින් මිනිස්සු බෙහෙත් ගන්න එක, කන එක කැප කරලා තමා ඉන්නේ. මේ මිනිස්සු රටට පවක් !! ප්‍රශ්නයක් තියෙනවා කියලවත් පිළිගන්න මුන්ට හිතෙන්නේ නැති එක මේ රටේ කරුමයක්
ඔව් ඉතිං අපේ වියදමින් පාර්ලිමේන්තුවේ පිං කෑම එක ලැබෙනකන් මොන මන්දපෝෂණේද…?
මෙයා කියන්නේ මන්දපෝෂණ තත්වයක් රටේ තවමත් නැතැයි කියල. ඒ කියන්නේ ඉදිරියට මන්දපෝෂණ ඇති වෙන්නත් පුළුවන් කියල නොකියා කියන්නේ.
එකනේ කියන්නේ සර් ඔබතුමාලගේ පවුල් වගේම තමයි අපේ පවුල් වලටත් කිසිම අග හිඟයක් නැහැ. ඔය මන්දපෝෂණ කතා අරගලේ කාලකන්නින්ගේ වැඩක්නේ සර්.
මන්දපෝෂණයෙන් පෙළෙන්නේ දේසපාලුවන්ව බලයට පත්කරපු මහජනතාව.අපේ රටේ .දේසපාලුවෝ කොහොමටත් අදිපෝෂණයෙන් ඉන්න අය කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
මේ වගේ රටේ නියම තත්ත්වය තේරෙන උගත් බුද්ධිමත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවපු ජනතාවට මගේ උත්තමාචාරය.
අනේ බං. උඹ ඔහොම බොරු කියනකොට හිතාගන්න පුළුවන් උඹලා කියන්නේ බොරුම තමයි කියලා කරන් ඕන උනාට කන්න බැහැ. සල්ලි නැහැ. කී දෙනෙක් අලුතෙන් පාරවල් ගානේ ඉඳන් කන්න ඉල්ලනවද? සුපර් මාකට් වලට යන්න බැහැ. මිනිස්සු පස්සෙන් එනවා. කෑම ඉල්ලලා. සල්ලි නෙවෙයි ඉල්ලන්නේ බනිස් ගෙඩියක් ඉල්ලන්නෙ.
නිකං රට හිනස්සවන බාල බොළඳ කතා කියන්න එපා ඇමතිතුමා.ඔබත් මේ රටේ උපන් කෙනෙකු නේද ? මිනිසුන් අපා දුක් විඳිනවා.රටේ සම්පත් හා දේපළ දූෂිත අය සොරා කෑ නිසා මේ වගේ තත්ත්වයක් ඇතිවුණා.ඔබතුමාලාත් ඒවාට ඒ අයට උඩගෙඩි දුන්නා.
මේ ඇමති සහ ඔහු වගේම යූඑන්පී ඉඳලා ආව ජොන්ස්ටන් දෙන්නටම ප්‍රශ්නයක් ඇති හැටි බලන්න බෑ. මෙයා කැමති නෑ මිනිස්සු බඩගින්නෙ කියන්න. ජොන්ස්ටන් මේ අවුරුද්දේ මුල දිගටම කිව්වේ රජයට ඇති තරම් සල්ලි තියනවා කියල. මේ දෙන්නම එයාලා පොහොසතුන් නිසා අනුන්ගේ දුක පෙනෙන්නේ නැති අය. එහෙම නැත්නම් පරණ යූඑන්පී මතවලින් එළියට එන්න තාමත් බැහැ.
ඉහළ තැන්වලට නැති බව අපි දන්නව. පහළ තැන්වල අය හාමතේ. පළාතේ ඉස්කෝලෙකට ගිහින් බලන්න.
තොගෙ බොරු. ගොන් හරක් .පිනට කන එව්වොන්ට කොහෙන්ද මන්දපෝෂණය.
මන්දපෝෂණය නැත්තේ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ ජරාව කන අයට විතරයි. ඔවුන්ට තියෙන්නේ අධිපෝෂණය. අපට තියෙන්නේ මන්දපෝෂණය. නිකං බොරු කියල තවත් පල්වෙන්න එපා. ඕවා අහයි කොන්ඩේ බැන්ද චීන්නු.
ගෝටභය මහත්තයට කෙලියේ ඔයවගේ බොරු කියපු ඇමතිලා කියලා ඔය ටිකට අමතක උනාද. මතකද පොහොර ඇමැති, තෙල් ඇමතිලා කියපුවා . මෙච්චර මේ රටේ මිනිස්සුන්ට අමාරුවෙලා අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ ලේ කෝප කරන කථා මයි මුන් කියන්නේ. මේ බොරු කාටද මේ කියන්නේ. මේ මන්දපෝෂණයක් නෑ කියන්නේ වෙන රටක වෙන්න ඇති. ලංකාවේ ඉන්න නම් අධිමන්දපෝෂණය. ලබන පාර චන්දෙදි ඕවාට මිනිස්සු නියම උත්තර දෙයි මහත්තයෝ. ඔය ඔක්කොම රැඟුම් වතුර රත්වෙනකන් විතරයි.
මේ අයනම් ආපහු ඇමැතිකම් අරගෙන රට තවත් බංකොළොත් කරලයි පස්ස බලන්නේ. රටට සාපයක් වුණු මේ අයට හෙණ වදිනවා.
දැන් ප්‍රශ්න අහන්නෙත් රඹුක්වැල්ල, උත්තර දෙන්නෙත් රඹුක්වැල්ල... අරුම පුදුම පිළියමක්...
යකඩ උනත් , ඝමටම මලු කිලො 30 අරගෙන එන බිcය්cලෙ කටුව තම මෙක හරියටම ඩන්නෙ. ඇහන්න ඩේයො, යකඩ කත කරඉ . ඨොව්න් එකෙ ලස්සන ලිඝ්ට් පත්තු කරපු මලු ලල්ලෙ මන්ඩපොශනය නෑ තම. කටු සලය 1කි. ක් = 850 කෙකෙල්ල 1කි.ක්=2600. අහින්සක දුප්පත් ගැබිනි මවුවරුන්ට, කිරි සප්පයන්ට, අනාගතයෙ දරු ගැබක් දරන තරුන දූ දරුවන්ට ,රටට ඩොලර් සොයන්නට නිදි වරන ගාමන්ට් දරැවන්ට සත් පත්තිනි මෑනියන්ගෙ පිහිටම ප්‍රාර්ථනය කරමි !