
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දේශීය වෙළඳපොළෙන් ඇණවුම් කර තිබූ ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් වෙනුවෙන් සැපයුම්කරුවන්ට සහ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි 428 ක පමණ මුදලක් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 311 ක මුදලක්ද මහජන බැංකුවට රුපියල් කෝටි 92ක මුදලක්ද ලංකා බැංකුවට රුපියල් කෝටි 25 ක මුදලක්ද මෙලෙස ගෙවා නොමැත.
මේ තොරතුරු සඳහන් වන්නේ රජයේ රෝහල්වල( මේ වසරේ මැයි මාසය වනවිට) ඖෂධ හිඟය සහ එය මඟහරවා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විගණන වාර්තාවේය.
මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෛද්‍ය සැපයුම් අංශයේ ඇණවුම් වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැපයුම්කරුවන්ට ගෙවීමට සහ ආනයන හා නිෂ්කාශන කටයුතු සඳහා රුපියල් කෝටි 713 ක්ද වෛද්‍ය සැපයුම් වෙනුවෙන් ලබාගත් බැංකු අයිරා පහසුකම් පියවීම සඳහා රුපියල් කෝටි 1598 ක්ද අවශ්‍යවී පවතින බව එම සංස්ථාව තොරතුරු ඉදිරිපත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
විනිමය හිඟය හේතුවෙන් සංස්ථාවට සැපයුම් 24 කට අදාළව ඇමරිකානු ඩොලර් හතළිස් ලක්ෂයක්ද යුරෝ තුන් ලක්ෂයක්ද ඩෙන්මාර්ක් ක්‍රෝන් විසිපන් ලක්ෂයක්ද වටිනා විදේශ ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව පැවතුණු බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට යොමුකරන ඇණවුම්වල ක්‍රියාකාරිත්වය හා ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් පසුගිය වර්ෂ ගණනාවක සිට නොතිබීම සහ ප්‍රසම්පාදන කාලසටහනකට අනුව කටයුතු කර නොතිබීම යන කරුණුද රටේ ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවුණු බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් බාගයක්වත් කොමිස්.
කහෛලියගෙන් ඇහුවොත් අඩුම වශයෙන් දොස්තරලා 4-5 ක් සොයා ගනීවි බෙහෙත් ප්‍රශ්න නැහැ කියලා වොයිස් කට් දෙන්න.
Even the minister has not yet paid his own electricity bill to the CEB.
මෙ කාලකන්නි පොහොට්ටුවෙ සෙට් එක ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ.. රනිල් රජපක්ශත් පින් ජනාදිපතිවෙලා රට තවත් හොරා කනව..ඉක්මනට චන්දයක් තිබ්බෙ නැත්නම් රට ඉවරයි.