IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ආහාර හිඟයට තෙල්-උද්ධමනයත් හේතුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

උද්ධමන අනුපාතය සහ පවතින ඉන්ධන හිඟය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට දිගින් දිගටම තර්ජනය කරන බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ප්‍රකාශ කළේය.

කොළඹ පාරිභෝගික මිලදර්ශකයට අනුව අගෝස්තු මස සියයට 64.3 ක් වූ උද්ධමනය සැප්තැම්බර් මස සියයට 69.8 ක් දක්වා දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

එසේම සිදු වූ මිල ඉහළ යාම් හේතුවෙන් අගෝස්තු මස සියයට 93.7 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මස සියයට 94.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අගෝස්තු මස සියයට 50.2 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මස සියයට 57.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.

මේ අතර මෙම වසරේ පළමු කාර්තුව තුළ සියයට 4.3 ක් වූ විරැකියා අනුපාතය දෙවැනි කාර් තුවේදී සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පළමු කාර් තුවේ සියයට 51.2 ක් වූ ශ්‍රම බලකා සහභාගීත්වය සියයට 50.1 ක් දක්වා දෙවැනි කාර් තුවේදී පහළ වැටී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේය.

ඉහළ උද්ධමනය, භාණ්ඩ වල මිල ඉහළ යාම, විදුලිය කප්පාදුව සහ ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් පවතින බවත් කෘෂි කාර් මික නිෂ්පාදනවල සැලකිය යුතු අඩුවීම අර්බුදය තවත් උග්‍ර කර ඇති බවත් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර් යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයේ සහ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර් යාලය පෙන්වා දුන්නේය.

 

 



අදහස් (1)

ආහාර හිඟයට තෙල්-උද්ධමනයත් හේතුවක්

Prabha Monday, 03 October 2022 02:50 PM

මේ ඔක්කොම කියන්නේ බොරු. ඇත්ත දැනගන්න ඕනෙ නම් කෙහෙළිය අර කුරුම්බා ලොඳ දොස්තර වගේ අයට ඇහුම්කන් දෙන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 506 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site