(යොහාන් භාසුර)
නොරොච්චෝල විදුලි බලාගාරයේ තුන්වෙනි විදුලි ජනන යන්ත්‍රය අළුත්වැඩියාවෙන් පසුව නැවතත් ජාතික විදුලි පද්ධතියට එක්කළ බව විදුලිබල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
එම විදුලි බලාගාරයේ දෙවැනි විදුලි ජනක යන්ත්‍රය අළුත්වැඩියාවෙන් පසුව මෙම මස අගදී නැවතත් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බවත්අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
මෙම විදුලි ජන යන්ත්‍රය මීට සතියකට පමණ පෙර අක්‍රීය වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ක ප්‍රමාණයක් අහිමි වූ අතර පළමු සහ තුන්වෙනි යන්ත්‍රවලින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 550 ක පමණ ධාරිතාවක් නිෂ්පාදනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොරොච්චොලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනන ඒකක 03 ක් තිබුනත් ඉන් 02 ක් නිතරම අළුත්වැඩියාවන්ට භාජනය වෙනවා මේ හේතුවෙන් රටට අවශ්‍ය විදුලිය අඛණ්ඩව සැපැයීමට නොහැකි බව පවසා විදුලි බල මණ්ඩලය හදිසි විදුලි මිළදිගැනීම් සදහා යොමු වේ. මෙවැනි විදුලිය ලබාගැනීමට යොදා ගන්නා කුඩා පරිමාණ ජලවිදුලි ජනක හෝ ඉන්ධන හෝ වෙනත් පුනර්ජනනීය ජනක බලාගාරවල අයිතිකරුවන්ද විදුලි බල මණ්ඩලයේ සිටි ඉහල නිල දැරැ ඉංජිනේරුවන් බවද නිතර පෙනෙන කරුණකි. මෙවැනි මාෆියාවන්ට නිසි පිළියම් යොදා පුර්ණ වශයෙන් පාඩු විදින මෙම ආයතනය නිවැරදි ප්‍ර්‍රතිව්‍යුහගතකිරීමකට ලක්වන තුරු අඛණ්ඩව විදුලි සැපැයීමක් අපේක්ෂා කල නොහැක.