IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රීලනිපයේ සමහරුන්ට හැදෙන ලෙඩක් ගැන මෛත්‍රී කියයි

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරුන්ට අසනීපයක් ඇති බවත් තනතුරු නොමැතිව ජීවත්වීමට  නොහැකිවීම ඒ අසනීපය බවත්  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ආණ්ඩු බලයේ ඉදලම ඔවුනට තනතුරු නොමැතිව සිටිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂ නායකයාගේ සිට වැටී  ඔලුව ඉස්සූ පක්ෂයක් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා  ඉදිරි මැතිවරණවලදීවත් දූෂණයෙන් තොර අයට නාමයෝජනා දීමට දේශපාලන පක්ෂවලට වගකීමක් තිබෙන බවද   කීවේය.



අදහස් (6)

ශ්‍රීලනිපයේ සමහරුන්ට හැදෙන ලෙඩක් ගැන මෛත්‍රී කියයි

Prabha Sunday, 02 October 2022 04:30 PM

ජනාධිපතිකම කරලා ආපහු නිකන්ම නිකන් මන්ත්‍රීකම කරන්නේ තනතුරු අපිට ආදරේට වෙන්න ඇති....

:       0       0

de silva Sunday, 02 October 2022 08:34 PM

ශ්‍රීලනිපෙ මෛත්‍රීපාල සිරිසේනගෙන් පටන් ගත්තාම පහළට ඉන්නේ ඔක්කොම මානසික ලෙඩ්ඩු... 2015 විධායක ජනාධිපතිකම සහ ආණ්ඩු බලය ලැබිලා, ආණ්ඩුවේ වගකිව යුතු ඇමැතිකමුත් අරගෙන 2019 වෙනකොට ඔක්කොම විනාශ කරගෙන, පස්සේ ගොට්ටෙක් ගෙනත් රටම විනාශ කරගෙන, අද අපි කන්න, බොන්න, යන්න, එන්න, ක්‍රමයක් නැතිව රටෙන් පිටවෙලා යන්න.. පාස්පෝට් පෝලිම්වල දුක් විඳින්නේ මේ ලෙඩ්ඩු නිසා.... ලබන ඡන්දෙදී ඔක්කොම එළවලා දැම්මලු...

:       0       0

chandima Sunday, 02 October 2022 11:39 PM

පුරුද්දට ගියාම ඔහොම තමයි. බල්ලෝ වුණත් වැසිකිළිය වටේටනේ කැරකෙන්නේ... මේකෙත් වැඩි වෙනසක් නැහැ...

:       0       0

Bamunuarachchi Monday, 03 October 2022 07:36 AM

සමහරුන්ට නොවෙයි 2014-2020 කාලේ මටත් ඔය ලෙඩේ හැදිලා හිටියා ලෙඩේ හැදිච්ච එකා දන්නවා ලෙඩේ හැදෙන්නේ කොහොමද කියලා.

:       0       0

Senerath Monday, 03 October 2022 09:18 AM

තමුන් 2015දී පැන්නේ තනතුරු නිසා නෙවෙයිද?

:       0       0

Leesam Monday, 03 October 2022 12:16 PM

මෙයාටත් තියෙන්නේ එහෙම ලෙඩක්. අනුන්ගේ (UNP) මනාපයෙන් ජනාධිපති වෙලා ඔවුන්ට ගරහලා, අධි මානසිකත්වය නිසා හිස උදුම්මවාගෙන ජනාධිපති තරගයෙන් පැරදිලා, ඊළඟට මන්ත්‍රිවෙලා, විකාර දොඩදොඩා ඉන්නවා. කර්මය ඵළදෙයි වෙලාවට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site