IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයිස් ප්‍රශ්නයකට සිහි නැතිවන තෙක් පහරදී මග දමා ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුද්ගලයකු පැහැර ගෙන ගොස්  තැන තැන රඳවා  අමානුෂික  ලෙස පහරදී  සිහිවිසඥ වීමෙන් පසු  මහමග දමා ගිය  මැර කල්ලියක සාමාජිකයින්  හය දෙනකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

පහර කෑ පුද්ගලයා  බරපතළ තුවාල ලබා  කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත

ගංජා ජාවාරමේ යෙදෙන පුද්ගලයකු ඇතුළු පිරිසක්   පිළියන්දල ගඟබඩ පාරේ නිවසකට  මීට දින කිහිපයකට ඉහත දී කඩාවැදී  මෙම පුද්ගලයා පැහැර ගෙන කරදියාන ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ අසලට රැගෙන ගොස්  යකඩ පොලු වලින් සහ අතින් පයින් පහරදී  තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයේ කපා තිබු බව පොලිසිය කියයි.   

ගංජා ජාවාරමේ යෙදෙන ප්‍රධාන සැකකරු  පහර කෑ පුද්ගලයා අමතා  ඔහුට අයත් නැති වූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන්  ප්‍රශ්න  කර ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව එම පුද්ගලයාගේ බිරිඳ ද එම ස්ථානයට ගෙන්වාගෙන  ඇය  ඉදිරියේදීද අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් එම පුද්ගලයාට අමානුෂික ලෙස පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත

එම පුද්ගලයාගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්  කරදියාන බොල්ගොඩ ගඟ අසලට යාමේදී  එම ස්ථානයෙන් සැකකරු රැගෙන ගොස් තිබූ මැර කල්ලිය  කරදියාන කුණු කන්දේ සගවා නැවතත් පහර දී තිබූ බව සිදුකළ විමර්ශනවලදී හෙළිවූ බව පොලිස් නිලධාරීහු පැවසූහ.

පසුව එම පුද්ගලයාව  පිලියන්දල ගැඩබුවාන ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් එහි රඳවා ගෙන   රැය පහන්වන තුරු පහර දී පසුදින අලුයම් කාලයේ දී   ගඟබඩ පාරේ නිවස ආසන්නයට දමා මැර පිරිස පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි

පසුව නිවැසියන් විසින් 1990 සුවසැරිය ගිලන් රථයෙන්  රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි

මැරකල්ලි එල්ල කළ ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ පාද දෙකට අත් වලට සහ හිසට බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය පොලීසිය සඳහන් කරයි

පහර කෑ පුද්ගලයා ද සොරකම් රැසකට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකි

මැර කල්ලියේ ප්‍රධාන සැකකරු වන  ගංජා ජාවාරම්කරු ඇතුළු අනෙකුත් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

සැකකරුවන් පිරිස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ්  හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති. 



අදහස් (4)

අයිස් ප්‍රශ්නයකට සිහි නැතිවන තෙක් පහරදී මග දමා ගිහින්

saman Sunday, 02 October 2022 05:23 PM

දැන් රටේ ලියාපදිංචි අපරාධ කරුවනුත් සිටිනවද?

:       0       1

chandana Sunday, 02 October 2022 06:50 PM

මෙවැනි දේ පැහැදිලිවම දෙපැත්තේම අපරාධකාරයින්... තුවාල ලබපු කෙනාව සුවකරන්න යන වියදම රජය ඔහුගෙන් අයකරගත යුතුයි. අපරික්ෂාකාරී රිය පැදවීම අනතුරුවල වනැවැරැදි කරුවන් වන අයටත් මෙසේ කළ යුතුයි...

:       0       1

SL Sunday, 02 October 2022 10:18 PM

සල්ලි හොයන්න තරුණයින්ගේ, පාසල් දරුවන්ගේ ජීවිත අපායක් කරන තවත් එක්කෙනෙක්... ඇයි මේ අය පොලිසියට අහුවෙන්නේ නැත්තේ..?

:       0       1

sharm warn Monday, 03 October 2022 10:40 AM

හරිම විහිලු සහගත කතාවක් තමයි.. මෙ වගෙ කල්ලි ගැටුම් වලින් අඩපන වෙලා හරි මරල හරි අහුවෙන අයගෙ සේරම ඉතිහාසය දන්න පොලිසියට බැරි වෙනව මෙ මිනිස්සු කලින් අල්ලගෙන එයාල කරපු අපරාද වලට අදාල දඩුවම් දෙන්න.. එතකොට බබාල.. නාන තටාකෙ නාපු එකාවයි ගස්ලබු බෑව කාපු එකාවයි කුදලන් යනන්නම් මහ වීරයො.. මෙ රට අපරාදකරුව්න්ගෙ පාරාදීසයක් වෙන්න මෙ ලොන්ත පොලිසියෙන් පුදුම සහයෝයක් තියෙන්නෙ කියල ජිනීව වල මිනිස්සුත් දන්නව.. කොටින්ම කිව්වොත් ලංකාවෙ පොලීසිය හොරු සමග හෙලුවෙන්..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site