IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජාතික සභාවේ මීළග රැස්වීම 6 වැනිදා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

"ජාතික සභාවේ’ මීළග රැස්වීම ලබන 6 වැනිදා සවස 3.00ට පැවැත්වීමට  තීරණය කර  ඇත.

ලබන 6 සහ 7 දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සලකා බැලීම සදහා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලබන 4 වැනිදා ප.ව 2.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් රැස්වන කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද  පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මීට අමතරව විදුලිබල සහ බලශක්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙ.ව 11.00ට රැස්වීමට නියමිතය.

මේ අතර රජයේ මුදල් පිළිබද කාරක සභාව ලබන 3 වැනිදා ප.ව 1.00 ට ද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ලබන 4 වැනිදා ප.ව 3.00ට ද රැස්වීමට නියමිතය

එසේම  ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 5 වැනිදා පෙ.ව 11.00 ටද දරුවන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමක් ලබන 6 වැනිදා පෙ.ව 11.00 ටද පැවැත්වේ.



අදහස් (0)

ජාතික සභාවේ මීළග රැස්වීම 6 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site