‘නිසි අතර රට ගන්න කොළඹට එන්න‘ හයිඩ් පිටියේ රැස්වීමක් බදු බර අඩුකරන ලෙසත්, රාජ්‍ය දේපොළ විකිණීම, රාජ්‍ය මර්දනය නතර කරන ලෙසත් වහාම මැතිවරණයක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් ‘නිසි අතර රට ගන්න කොළඹට එන්න‘ මැයෙන් අද (27) දා පස්වරුවේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය මගින් සංවිධානය කළ විරෝධතා පාගමනක් හා රැළියක් පුරහල සිට හයිඩ් පිටිය දක්වා පැවැත්විණි. 27 October 2022
කඳුළුගෑස් තොරතුරු 14 දාට පෙර දෙන්නැයි නිර්දේශ පොලිසිය පසුගිය කාලයේ විරෝධතා පාලනය කිරීම සඳහා පාවිච්චි කළ කඳුළුගෑස්වල තොරතුරු ඇතුළු කඳුළුගෑස් සම්බන්ධයෙන් ජනතාවට වැඳගත් වන තොරතුරු ලබන නොවැම්ර් මස 14 වැනිදාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නිර්දේශ කර තිබේ. 27 October 2022
හූනියම් කළැයි ලාංකික කතකට සෞදියේදී මරණ දඬුවම ගෘහ සේවිකාවක ලෙස සවුදි අරාබියේ නිවසක සේවය කරමින් සිටියදී තමන් සේවය කල නිවසේ සිටි දැරියකට හූනියමක් කර මරා දැමුවැයි නිවැසියන් සිදු කල පැමිණිල්ලකට අනුව සෞදි අධිකරණය මගින් මරණ දඩුවමට ලක්ව සිටියදී ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිළදාරීන්ගේ මැදිහත් වීමෙන් මිය ගිය දැරියගේ ශරීර කොටස් වල රසායනාගාර වාර්තාවන්ට අනුව දැරිය පිළිකාවක් හේතුවෙන් මරුමුවට පත්ව ඇතැයි අධිකරණය ඉදිරිපිටදී යළි අනාවරණය කිරීමට හැකිවීම නිසාවෙන් තමන්ව මරණ දඩුවමෙන් මුදාහැර සියලු චෝදනාවලින් නිදහ 27 October 2022
විදුලි බිල දෙගුණයකින් වැඩිවී තේ කම්හල් වැහෙන අවදානමක් තේ කම්හල්වල විදුලිය බිල දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන් එම කම්හල් පවත්වාගෙන යෑමේ දැඩි ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇතැයි තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසීය. 27 October 2022
පාකිස්තානයට ලකුණු 131 ක ඉලක්කයක් සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 130 ක් ලබාගත්තේය. 27 October 2022
ඩයනා ගමගේ අධිකරණයට කැඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය බි්රතාන්ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) නොතීසි නිකුත් කළේය. 27 October 2022
තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල හෙළි වෙයි මුදල් වංචා චෝදනාවට බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව විවිධ පුද්ගලයන්ට වංචා කර ඇති මුදල රුපියල් කෝටි 128 කට අධික යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අද (27) පැවසීය. 27 October 2022
බලශක්ති ඇමති එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ සාකච්ඡා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (27) පැවැත්විණි. 27 October 2022
ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිරිපිට විරෝධයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 27 සවස නාරාහෙන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිරිපිටදී පැවැත්විය 27 October 2022
සමෘද්ධි අයදුම්පත් හෙටින් අවසන් සමෘද්ධි සහ අනෙකුත් ආධාරදීම සඳහා අයදුම්පත් බාර ගැනීම හෙටින් (28) අවසන්වන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි. 27 October 2022
ලබන වසරේ වැටුපත් සෘණ වෙයි ලබන වසරේ ශ්‍රී ලංකිකයන්ගේ වැටුප වර්ධන වේගය සෘණ සියයට 20.5 ක් බව ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.රටවල් 68ක් ආශ්‍රිතව ලබන වසරේ එම රටවල වැසියන්ගේ වැටුප වැඩි වීම සම්බන්ධයෙන් ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම මෙම සමීක්ෂණය සිදු කර ඇත. 27 October 2022
සිම්බාබ්වේ පිල පන්දුවට පහරදීම තෝරාගනී සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. 27 October 2022
ඉන්දියාව ලකුණු 56 කින් ජයගනී ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 56 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. 27 October 2022
මාතර මුහුදේ පැහැය වෙනස් වෙයි මාතර පොල්හේන හා වැල්ලමඩම මුහුදු තීරයේ මුහුදු ජලය මේ දිනවල වරින් වර කොල පැහැ ගැන්වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. 27 October 2022
බියගමට අලුත් විදියක රෝහලක් බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට නව රෝහලක් කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැත්විණි. 27 October 2022
රටේ තත්වය ගැන විශේෂ විවාදයක් ලබන 8වෙනිදා ආර්ථිකය ඇතුළු රටේ තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 8 වෙනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (27) තීරණය කළේය. 27 October 2022
රබර් ගෙන්වීම සීමා කරයි දේශීය රබර් ගොවියා නංවාලීමේ අරමුණින් රබර් ආයනයන සීමා කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 27 October 2022
රජ ගෙදර කැමරා හොරකම ගැන පරීක්ෂණයක් කරන්න තමන් ජනාධිපති මන්දිරයේ ඇති කබල් රූපවාහිනී සහ මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ රැගෙනයාමට තරම් පහත් තත්වයට වැටුණු අයකු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 27 October 2022
බෙහෙත් වංචාවක් ගැන ආරංචියක් ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රතිමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි මිලදී ගැනීමක් ලෙස ලබා ගැනීමට කටයුතු කරන බව වාර්තා වෙයි. 27 October 2022
නෙදර්ලන්තයට ලකුණු 180 ක ඉලක්කයක් ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්තේය. 27 October 2022
ආසියානු සංවර්ධන බැංකුවෙන් සුභ ආරංචියක් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය යටතේ ආර්ථික අර්බුදය නිසා බිඳවැටුණු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා ණය, කණ්ඩ තුනක් යටතේ ලබා දෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 27 October 2022
බිනුරගේ තැනට අසිත ඕස්ටේ්රලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ආබාධයකට ලක්වූ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) තාක්ෂණික කමිටුවේ ඇනුමැතිය හිමිව තිබේ. 27 October 2022
ඉන්දීය මහකොමසාරිස් - සේමසිංහ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරු අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්තමාන තත්වය පිළිබ`ඳව විශේෂ සාකච්ඡාවක් ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිලනිවසේදී අද (27) පැවැත්විණි. 27 October 2022
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන පහළ යන ලකුණු ආනයනික පාන්පිටි ප්‍රමාණවත් පරිදි ලැබුනහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය. 27 October 2022
ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. 27 October 2022
අයවැය ලේඛනය ලබන මස 14 මැතිසබයට ලබන වර්ෂය(2023) සඳහා වූ අයවැය ලේඛනය නොවැම්බර් මස 14 වන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 27 October 2022
බුදුන් උපන් බිමෙන් ලංකාවට ඖෂධ නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය. 27 October 2022
දකුණු අප්‍රිකාවට ලකුණු 104 ක ජයක් දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 104 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. 27 October 2022
ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ජාත්‍යන්තර සම්මානයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘ශීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොයුම් ගුවන් සම්මාන උළෙලේදී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මාන දිනාගැනීමට සමත්විය. 27 October 2022
තරගාවලියේ පළමු ශතකය රූසොව්ගෙන් දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙදී පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබාගත්තේය. 27 October 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026