
(අංජුල මහික වීරරත්න)
නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
ජාත්‍යන්තර සිංහ සමාජ 306 C 2 බලංගොඩ සිංහ සමාජයේ ඉල්ලීම පරිදි පරිත්‍යාග කරන ලද මෙම ඖෂධ තොගය බලන්ගොඩ මුලික රෝහල වෙත බාරදීම මෙහිදී සිදු කෙරිණි.
සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඉරේෂා පතිරගේ යන මහත්ම මහත්මීහු සහ ජාත්‍යන්තර සිංහ සමාජ 306 C 2 හිටපු සිංහාධිපති ලසන්ත ගුණවර්ධන, ඒ.පී ජගත්චන්ද්‍ර, ඩබ්.කේ.එන් විජේසුරිය, සුනිල් ඔබේසේකර, සිංහ සමන් කුමාර හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු සාමාජකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයෙන් ඖෂධ පරිත්‍යාග කලා කියන්න බුදුහාමුදුරුවො ගාවගෙන පච කියන්නේ නැතුව
නේපාලයේ උපන් බුදුවරයෙක් නෑ පුලුවන්නම් ඔප්පුකරන්න
එතකොට බෞද්ධයොත් කල්ල තෝනිද ?
මේ බූතයෝ ටිකත් බැහැන කරලා දැම්මා නම් නේද හොඳ