(රංජන් කස්තුරි)
ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රතිමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි මිලදී ගැනීමක් ලෙස ලබා ගැනීමට කටයුතු කරන බව වාර්තා වෙයි.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 38ක පමණ මුදලක් වැයකර මෙම ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරික්ෂණ පටි සහ මාපක තොගය මිලදි ගැනීමට සුදානම්වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියක්වත් ලබාගෙන නොමැති සමාගමකින් යැයි ද වාර්තා වේ.
දියවැඩියා පරික්ෂණ පටියක් ටෙන්ඩර් ක්‍රමය යටතේ රුපියල් 15ක වැනි මිලකට මිලටගත හැකි වුවත් මෙම ප්‍රමිතයෙන් තොර පරීක්ෂණ පටියක් රුපියල් 85ක වැනි වැඩි මිලකට ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වන බව එම අමාත්‍යංශයේ අභ්‍යාන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd