(යොහාන් භාසුර)
ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘ශීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොයුම් ගුවන් සම්මාන උළෙලේදී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මාන දිනාගැනීමට සමත්විය.
අපද්‍රව්‍ය සහ ඉවත දමන ද්‍රව්‍ය භාවිතකරමින් නිෂ්පාදන කිරීමේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ‘මතක’ ව්‍යාපෘතිය මෙහිදී සම්මාන හිමිකරගත්තේය.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉවත දැමූ ගුවන් සේවයේ නිල ඇඳුම් සහ ගුවන් යානා අභ්‍යන්තර කොටස් ආදි අපද්‍රව්‍ය යොදාගෙන ‘මතක’ සන්නාමය යටතේ සංචාරක බෑග්, මුදල් පසුම්බි, පොත්පත්, යතුරු රදවන සහ ආභරණ ඇතුළු සුවිශේෂි නිෂ්පාදන රැසක් ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ශ්රී ලංකන් ගුවන් සේවයට තවත් ජාත්‍යන්තර සම්මානයක්
Kumara Thursday, 27 October 2022 11:36 AM
සම්මාන දාහක් ලැබුනත් වැඩක් නෑ. මහජන බදු මුදල් නාස්ති කරනවා ඇර වෙන සේවයක් වෙනවද? දුප්පත් මිනිස්සු සීනි ඇටේ ඉඳල ගෙවන බදු මුදල් බිලියන ගණනක් අවුරුදු පතා මකර කටට යනවා ඔය ගුවන් සේවය නිසා.
චමින්ද Thursday, 27 October 2022 03:23 PM
මිනිස්සු අතරෙත් එකෙක් දියුණු වෙනවා දකින්න තවත් එකෙක් අකමැතියි ඒ වගේ ලංකාව දියුණු වෙනවාට වෙනත් රටවල් අකමැති වෙනවා නැත්නම් ලංකාව කාබාසිනියා කරන එකෙකුට සම්මාන දෙන්න උන්ට පිස්සු වෙන්න ඕන මේක සමාගමේ උන්ගෙම වැඩක් වෙන්න පුළුවන්
kamal Thursday, 27 October 2022 12:41 PM
මහජන මුදල් කාබාසිනියා කිරීමේ ලෝකේ පළමුවෙනි තෑග්ගට අමතරව වෙන්න ඇති මේක දීලා තියෙන්නේ .මේවාට කොහෙන් හිනා වෙන්නද?
de silva Thursday, 27 October 2022 01:19 PM
මේක කොපමණ පාඩු ලැබුවත් මේකේ කළමනාකරණය වෙනත් සමාගමකට පවරන්න හෝ මේක වෙනත් සමාගමකට බදු දෙන්න හෝ විකුනන්න දේශපාලකයෝ කැමති නැහැ .ඔවුන්ට මේකේ රස්සාව දෙන්නම් කියලා බුරුතු පිටින් ලස්සන තරුණයින් සුරතලියන් වශයෙන් තියාගන්න පුළුවන්.රංචු පිටින් නොමිලේ රට සවාරි යන්න පුළුවන්.ඔවුන්ගේ ව්‍යාපාරවලින් පිටරට යවන භාණ්ඩ අඩු මුදලකට රට යවන්න පුළුවන්.අපි දුක් විඳ විඳ බදු ගෙවනවා.දේශපාලකයන් සැප ගන්නවා.මගේ නම් මතය පාඩු ලබන මේ සියලුම සංස්ථා සමාගම් ටෙන්ඩර් කැඳවලා විකුනලා දමන්න .එහෙම නැතිනම් දීර්ඝකාලීනව කුලියට දෙන්න
de silva Thursday, 27 October 2022 01:22 PM
මෙහෙම සම්මානයක් දෙන්න මට උනත් පුළුවන්.අවශ්‍ය වන්නේ කුසලානයක්,උත්සවයක් තියන්න ශාලාවක පමණි .සමහරවිට මේවාටත් වියදම් කලේ ශ්‍රීලන්කන් එක වෙන්න පුළුවන්.කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා ශ්‍රීලන්කන් ගුවන් යානා වල ඇතුල දැන් හොඳටම පරනවෙලා.කිසිම සැප පහසුකමක් නැහැ
බද්රානි Thursday, 27 October 2022 01:33 PM
මැදපෙරදිග රටවල ලෝකයේ විශිෂ්ඨ ගනයේ ගුවන් සමාගම් තියෙද්දී මේ කොහෙවත් තියන සිරි ලන්කන් එකකට සම්මාන දෙන්න පිස්සුද මන්දා? මම නම් හිතන්නේ මේ සම්මානය දෙන්න ඇත්තේ සිරි ලන්කන් සමාගම ඉතා අධික මුදලට පානීය ජලය මිලදී ගන්නේ සම්මාන දීපු මේ සමාගම හරහා වෙන්න ඇති. කොහොමත් ඉතින් අතින් වියදම් කරගෙන සම්මාන ගන්න දක්ෂයිනේ ලාංකිකයෝ.
විපරමා Thursday, 27 October 2022 02:14 PM
ලන්කාවේ සමහර දේසපාලුවන්ට ආචාර්ය උපාධි දෙන එකේ ඕවා මොනවද?
Kumara Thursday, 27 October 2022 04:23 PM
සම්මාන, රට හිගමනයට දාපු එකට සම්මානද?.
ganegoda Friday, 28 October 2022 01:22 PM
ඉගිල්ලෙන්න තියෙන දේවල් හොම්බෙන් යනකොට... ඒකට වෙන්න ඇති...