
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘ශීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොයුම් ගුවන් සම්මාන උළෙලේදී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මාන දිනාගැනීමට සමත්විය.
අපද්‍රව්‍ය සහ ඉවත දමන ද්‍රව්‍ය භාවිතකරමින් නිෂ්පාදන කිරීමේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ‘මතක’ ව්‍යාපෘතිය මෙහිදී සම්මාන හිමිකරගත්තේය.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉවත දැමූ ගුවන් සේවයේ නිල ඇඳුම් සහ ගුවන් යානා අභ්‍යන්තර කොටස් ආදි අපද්‍රව්‍ය යොදාගෙන ‘මතක’ සන්නාමය යටතේ සංචාරක බෑග්, මුදල් පසුම්බි, පොත්පත්, යතුරු රදවන සහ ආභරණ ඇතුළු සුවිශේෂි නිෂ්පාදන රැසක් ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මාන දාහක් ලැබුනත් වැඩක් නෑ. මහජන බදු මුදල් නාස්ති කරනවා ඇර වෙන සේවයක් වෙනවද? දුප්පත් මිනිස්සු සීනි ඇටේ ඉඳල ගෙවන බදු මුදල් බිලියන ගණනක් අවුරුදු පතා මකර කටට යනවා ඔය ගුවන් සේවය නිසා.
මහජන මුදල් කාබාසිනියා කිරීමේ ලෝකේ පළමුවෙනි තෑග්ගට අමතරව වෙන්න ඇති මේක දීලා තියෙන්නේ .මේවාට කොහෙන් හිනා වෙන්නද?
මේක කොපමණ පාඩු ලැබුවත් මේකේ කළමනාකරණය වෙනත් සමාගමකට පවරන්න හෝ මේක වෙනත් සමාගමකට බදු දෙන්න හෝ විකුනන්න දේශපාලකයෝ කැමති නැහැ .ඔවුන්ට මේකේ රස්සාව දෙන්නම් කියලා බුරුතු පිටින් ලස්සන තරුණයින් සුරතලියන් වශයෙන් තියාගන්න පුළුවන්.රංචු පිටින් නොමිලේ රට සවාරි යන්න පුළුවන්.ඔවුන්ගේ ව්‍යාපාරවලින් පිටරට යවන භාණ්ඩ අඩු මුදලකට රට යවන්න පුළුවන්.අපි දුක් විඳ විඳ බදු ගෙවනවා.දේශපාලකයන් සැප ගන්නවා.මගේ නම් මතය පාඩු ලබන මේ සියලුම සංස්ථා සමාගම් ටෙන්ඩර් කැඳවලා විකුනලා දමන්න .එහෙම නැතිනම් දීර්ඝකාලීනව කුලියට දෙන්න
මෙහෙම සම්මානයක් දෙන්න මට උනත් පුළුවන්.අවශ්‍ය වන්නේ කුසලානයක්,උත්සවයක් තියන්න ශාලාවක පමණි .සමහරවිට මේවාටත් වියදම් කලේ ශ්‍රීලන්කන් එක වෙන්න පුළුවන්.කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා ශ්‍රීලන්කන් ගුවන් යානා වල ඇතුල දැන් හොඳටම පරනවෙලා.කිසිම සැප පහසුකමක් නැහැ
මැදපෙරදිග රටවල ලෝකයේ විශිෂ්ඨ ගනයේ ගුවන් සමාගම් තියෙද්දී මේ කොහෙවත් තියන සිරි ලන්කන් එකකට සම්මාන දෙන්න පිස්සුද මන්දා? මම නම් හිතන්නේ මේ සම්මානය දෙන්න ඇත්තේ සිරි ලන්කන් සමාගම ඉතා අධික මුදලට පානීය ජලය මිලදී ගන්නේ සම්මාන දීපු මේ සමාගම හරහා වෙන්න ඇති. කොහොමත් ඉතින් අතින් වියදම් කරගෙන සම්මාන ගන්න දක්ෂයිනේ ලාංකිකයෝ.
ලන්කාවේ සමහර දේසපාලුවන්ට ආචාර්ය උපාධි දෙන එකේ ඕවා මොනවද?
සම්මාන, රට හිගමනයට දාපු එකට සම්මානද?.
ඉගිල්ලෙන්න තියෙන දේවල් හොම්බෙන් යනකොට... ඒකට වෙන්න ඇති...