(රංජන් කස්තුරි)

දේශීය රබර් ගොවියා නංවාලීමේ අරමුණින් රබර් ආයනයන සීමා කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන රබර් වරුග හැර සෙසු රබර් වර් ආනයනයට සීමා පනවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

රබර් ආනයනය පිළිබඳව සොයා  බැලීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ සලකා ඉදිරියේදී එම තීරණ ගන්නා බව ද රජ්‍ය අමැත්‍යවරයා සඳහන් කළේය.

වැවිලි කර්මාන්ත අමාත්‍යශයේ ලේකම් බි.එල්.ඒ.ජේ ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඉකුත් දා මුදල් රජ්‍ය අමාත්‍යවරයා වෙත බාරදී ඇත.