(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථිකය ඇතුළු රටේ තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 8 වෙනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (27) තීරණය කළේය.
විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසිනි.
විවාදය එදින උදේ 10:30 සිට සවස 5.00 දක්වා පැවැත්වෙනු ඇත.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කිරීමේ වාරය එදින පෙරවරු 9.00 සිට පෙරවරු 10:30 දක්වා පැවැත්වෙන බව පාලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) පෙරවරු 11.00ට රැස්විය.
මේ අතර බදු පනත් පිළිබඳ විවාදයක් ලබන 9 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.
බද්දේගම සමිත හිමි ,ටී බී ඒකනායක, චන්ද්‍රකුමාර විජේගුණවර්ධන, සහ එස්. තුරේරත්නසිංහම් යන අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝකය පලකිරීමේ විවාදයක් ලබන 10 වැනිදා දවස පුරා පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෝකය මත මුදල් නාස්තිය පිළිබඳ විවාදය