(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය බි්රතාන්ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) නොතීසි නිකුත් කළේය.
මෙම නොතීසිය නිකුත් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාටය.
මෙම පැමිණීල්ල ලැබී වසර දෙකක් ගතවී ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වහාම කරුණු විමසීම සදහා අදාළ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන්නැයි නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා ප්රමුඛ නිතීඥ මඩුල්ලක් අධීකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සාමාන්‍ය ජනතාවට නිතිය ක්‍රියාත්මක වනවා සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි මෙවැන්නන්ටත් නිතිය ක්‍රියාත්මක විය යුතුව ඇති නමුත් වසර දෙකක් ඉක්ම ගොස් ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මෙම තැනැත්තිය අත්අඩංගුවට ගැනීමක් හෝ සිදුකර නොමැති බව ද මෝසමක් ගොනුකරමින් නිතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්හ.
මෙම සිද්ධියට අදාළව ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 175 සහ 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45(1) (අ) සහ (ඇ) වගන්ති යටතේ වැරදි නිරීක්ෂණය වන බව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මහතා මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් මාර්තු මස 09 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර පටන්ගන්නවා කියපු ගංජා වගාව colombo.night.life desni.මේවාට මොකද වෙන්නේ .අයියෝ අපරාදේ
ඩයනා මේ රටට වැඩක් කරන්න උත්සාහ කරනවා. කොහොම හරි ඒ වගේ අය එලවලා දමන්න ඕනා. අන්න එහෙමයි අපේ අය
ඒක තමයි මේ නෝනට පෝට්ටු ගාය හැදුනෙ, හොර මැර වංචා වහගන්න පොහොට්ටු සරණ හැර වෙන සරණක් කොහිද?
පාර්ලිමේන්තුවෙ ඉන්න සියළුම ද්විත්ව පුරවැසියන්ට එකසේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එය ජාතිය,ආගම අනුව නීතිය නොවෙනස්ව එකසේ සිදුවිය යුතුයි. ඒ සඳහා සිවිල් සංවිධාන , සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාර සහ නීතී සංගම් පෙරමුණු ගතයුතුයි. අපිට කපුටත් එකයි,හිවලත් එකයි.
මේ සුන්දරීට නම් මස්ට් කියන්න එපා.හරිම සුන්දරයි සනීපයි
ඩයනා ගමගේ මාධ්‍යයට කියන්නෙ ද්විත්ව පුරවැසියෙක් නොවෙයි කියල. එතකොට මෙයා බොරු කියනවා නේද? ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ද බොරුකියනබව අපට මේ අනුව පිලිගන්න සිදුවෙනවා.
අවංකව රටට වැඩක් කරනවනමි ඔය ද්විත්ව මගුල තිබුනට මක් වෙනවද ?
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත් ලබාගැනීමට පෙර ආගමන විගමන පාලකවරයා "ගුවන් ගමන් බලපත් නිකුත් කිරීමට පෙර" මේ පිලිබදව සොයාබැලීමක් නොකළේ මන්ද ?
මුකුත් වෙන්නේ නෑ .නිදොස් කොට නිදහස් .අපි නොදන්න ශ්‍රීලංකාව නේ
අසව් අසව් ! තවත් තියටර් එකක් ආරම්භ වූ වගයි.
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට නම් එය අත්‍යාවශ්‍ය දෙයක්!
කොච්චාර දන්ගලුවත් උඹලාට ගමගේව ඇරෙස් කරන්න ලැබෙන්නෙම නැහැ.එයට නව බ්‍රිතාන්‍ය අගමැති rishi sunak ගේ සපෝර්ට් එක තියන නිසා.
මොනවද කියන්න තියෙන්නේ මුන් ගැන කුණු ගොඩක්
පාස්පෝට් දෙකක් හැඳුනුම් පත් දෙකක් නැතුව කොහොමද අපි තැනකට එන්නේ.නැද්ද අක්කේ
සාමාන්‍ය ජනතාවට නිතිය ක්‍රියාත්මක වනවා සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිතිය ක්‍රියාත්මක විය යුතුය.
හුඟාක් දඟලනකොට ඔය ටික වෙයි කියලා හිතුවා .නියමයි
පව් සූකිරි කෙල්ල.
It may be welikadaland for Diana i insted of Disneyland.
මේ වගේ අය මොකට පාර්ලිමේන්තු එව්වද?